පත්තිරු

Sunday, July 29, 2012

මොර සුරන මහා වරුසාවේ

මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

මේ  ගීතය පද රචනය , සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා... ගීතය ගායනා කරන්නේ නම් අල්හාජ් මොහිදීන් බෙග් මහතා .පද රචනය හා සංගීතය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් සදහන් කරන්න. මටත් මේ ගීතය මුලින්ම අසන්න ලැබුනේ බස් එකේ කොළඹ සිට අනුරාධපුරය බලා යන අවස්ථාවක අතරමගදී ගොඩවුන, ගීත කීපයක් ගායනා කරලා ජීවිතය ගැටගහගන්න අහිංසක, දුප්පත්, ජංගම ගයකයකුගෙන්. මම මේ ගීය මගේ ජංගම දුරකතනයේ රෙකොර්ඩ් කරගෙන ටිකක් මහන්සි වෙලා mp3 එක හොයාගත්තා. මීට අවුරුද්දකට දෙකකට විතර කලින් සොයාගත් ගීයක් නිසා හොයා ගත්තේ කොහෙන්ද කියල නම මට මතක නෑ...

මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ
රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ  එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි . ඇත්තටම මේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ  රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න  ක්‍රම ගොඩයි..

තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවා. මෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...

මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

මෙච්චර  ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...

මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..

විදුලිය වැන්නේ

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ
දුක විමසන්නේ ඉදහිට සැර වැර වන්නේ 
ඔවා දෙවන්නේ කන බොන දේ පවසන්නේ
හොරෙන් බලන්නේ මා හා පෙමින් බැදෙන්නේ
 කතා  කියන්නේ තනිවම සිහින මවන්නේ

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ

සුදෙන්  දිලෙන්නේ මා මන පුබුදා ලන්නේ
රැජිණිය වැන්නේ රෝහල වටා සරන්නේ 
පොතේ ලියන්නේ මගේ නම ගම විමසන්නේ 
කලමැන ගන්නේ මා හැර පිටුපා යන්නේ

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ 

මා පෙර ලිපියෙන් ඉදිරිපත් කල ගීතය වැනිම ඊට පෙර කාලයේ සනත් නන්දසිරි මහතා විසින් ගායනය කල මේ ගීය රසිකයන් අතර එකල ජනප්‍රිය වුවද වර්තමානයේ බොහෝදෙනෙක් අසා නොමැති වග නම් සහතිකයි... අසා තිබුනත්මෙය කුමන කරුණක් අරබයා රචනය වූවක්දැයි දන්නා අය අල්පය...

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ
රෝහලකට බෙහෙත් ගැනීමට පැමිණ සිටින තරුණ රෝගියෙකුට පෙනෙන සුන්දර දර්ශනය තමා රචකයා විසින් ප්‍රශ්නයට නගන්නේ..සිනා සෙමින් තාලයට ලැසි ගමනින් එන්නේ කවුද ?
පොඩි ඔමරි බැල්මක දාල ඇද වටේ  රවුමක් කැරකිලා ගියේ කවුද? මේ තරුණ රෝගියා මේ රූපෙන් මත්වෙලා වගේ බලා ඉන්නවා.... නර්ස් නෝනා කෙනෙක් කියන්නෙත් තරුණියක් නේ .. හැට හතරෙනුත් එකක් මේ කඩවසම් තරුණයට දැම්මද කවුද දන්නේ..
කාගේ හෝ රෝගියෙකුගේ අසරණ කෙදිරිලි හඩට ඇය දුවල යන්නේ විදුලියක් වගේ .. ඉක්මනට අර රෝගියාට බෙහෙත් දීල සනසන්න තරම් ඇය කරුණාවන්ත වුනා.. මේ සුන්දර චිත්‍රය දෙස ඔහු බලා ඉන්නේ හරිම ආසාවෙන්...අනික සියලුම හෙදියන් අතරින් අගේ විශේෂත්වයක් ඔහු දකින්නේ ඒ කරුනාවන්ත්කම, ලාලිත ගමන , සුන්දර යුවතියකට ආබරණයක් බදු ඔමරිය, ඉක්මන් ගමනින් රෝගීනට සාත්තු කිරීම..මුළු රෝහල් වාට්ටුවම සුන්දර ලෝකයක් වගේ ඔහුට පෙන්නේ..

දුක විමසන්නේ ඉදහිට සැර වැර වන්නේ 
ඔවා දෙවන්නේ කන බොන දේ පවසන්නේ
හොරෙන් බලන්නේ මා හා පෙමින් බැදෙන්නේ
කතා  කියන්නේ තනිවම සිහින මවන්නේ

ලෙඩුන්  ගාවටඇවිත් ඇය ලෙඩදුක් විමසනවා ඒ වගේම ඔවුන්ගේ පවුලේ තොරතුරු පවා විමසමින් ලෙඩුන් හා සමීප වන්නේ හරියට අම්ම කෙනෙක් තම දරුවනට ලෙඩ වුනාම සාත්තු කරනවා වගේ.. ඔවදන් දෙනවා . මෙහෙම පරිස්සම් වෙන්න වෙන්න ඕන.නැත්තම ඉකමනට සුව කරගන්න බෑ..මේවා අහන්නේ නැති අයට ඇය හිටපුගමන් සැරෙනුත්  කියනවා...එහෙම නැතුව බෑ .. මේ සමහර ලෙඩ්ඩු හරි මුරන්ඩුයි නේ...මේවා කන්න .මේ මේ ජාති කන්න එපා.. මං කියන විදියට ඉන්න ..ඔයාට ඕන නැද්ද ඉක්මනට සුව වෙන්න..
මේ බෙහෙත් හේත් කරන ගමන් මා හා හොරෙනුත් බලනවා.. පුංචි පුංචි ඉගි බිගි පානවා..
මෙහෙම මේ ඔක්කොම අතරේ මේ කඩවසම් තරුණයත් එක්කල යාලු වෙලා.. දැන් මේ දෙන්න පෙම්වතුන් වෙලා... ඔහුත් එක්කල කතා කර කර ඉන්නවා... ඔහුට පේනවා ඇය සිහින මවන අයුරු.. රෝහල් වාටුවේ ඇගේ පුටුවලග වාඩිවෙලා තනිවම සිහින මවනවා.. ඔහු ඇදට වෙලා බලා ඉන්නවා..දෙන්නම සුන්දර ලෝකවල...
සුදෙන්  දිලෙන්නේ මා මන පුබුදා ලන්නේ
රැජිණිය වැන්නේ රෝහල වටා සරන්නේ 
පොතේ ලියන්නේ මගේ නම ගම විමසන්නේ 
කලමැන ගන්නේ මා හැර පිටුපා යන්නේ

 සුදුම සුදු කිරි කොකෙක් වගේ.... මං ආසම පාට මට හරිම සතුටුයි...
මේ  තරුණයාගේ සතුට දොරේ ගලනවා...ඔහුට ඇය පෙන්නේ රෝහලේ රැජිණිය ඇය වගේ ... මේ රෝහල ඇගේ වගේ ඔහුට පෙන්නේ.. මේ රෝහලේ හැම තැනම ඇය ඉන්නවා වගේ ... මං මේ වාට්ටුවට අපු වෙලාවේ ඇය මගේ නම අහල එක පොතේ ලිවුවා..මොන ලෙඩේට බෙහෙත් දෙන්නත් ඉතින් නාඩි බලන්න ඕනනේ .. මේ ඇගේ රාජකාරි මේ රචකය දකින අයුරු ඉතාම ලස්ස්සනයි
වාට්ටුවට එන රෝගීන්ගේ නම ගම වයස විස්තර අර ලොකු පොතේ සටහන් කරනවා...
රෝගියාගේ නාඩි බලනවා...ඒවා සටහන් කරනවා... ඇයට ඕක විතරක් කර කර ඉන්න බෑ තව වැඩ තියෙනවා හුගක්..රෝගියෙකුගේ කෙදිරිලි හඩක්  ඇය විදුලියක් වගේ එතනට යනවා ... රෝගියව සුපත් කරනවා ... තවත් රෝගියෙක් ලගට යනවා බෙගේත් දෙනවා ඔඅවදන් දෙනවා දොස්ත්රමහත්තය නියපුකරපු කෑම ගැන රෝගියාට කියනවා.. රෝගියාගේ පණ්ඩිත කතාවලට පොඩි සැරයක් එහෙම දානවා...අයිම උදෙන්ම එනවා සුදට සුදේ හරිම ලස්සනයි පිරිසිදුයි ... මේ සියල්ල රචකයා මැනවින් දකිනවා .. හෙදියක් වුනාම පිරිසිදුව ලස්සනට ඉන්න ඕන .. ඔහු මේ ඔක්කොම මේ ගීයෙන් හරිම අපූරුවට ඉදිරිපත් කරනවා.....

ඉතාම සුන්දර ලස්සනම ගීයක්... ගීය රසවිදීමට මේ සබැදියට පිවිසෙන්න
මාගේ පෙර ඉදිරිපත් කල හෙදියකගේ ගීත විචාරය රස විදීමට... 

බයිලා සංගීතයන්  නර්ස් නෝනා ගැන අසන්න.. සමන් ද සිල්වා ගායනා කරන    නෝනා මගේ නර්ස් නෝනා ඔබව සිහි වෙනවා නිතර දෙවේලේ ......

එකම තේමාව ඔස්සේ ගැයෙන ලස්සන ගීත තුනක්...

ඔබ ලග නැතිදා...

රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ 
රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ

සමීප සයනේ සාදා තෙපුල් මැද දැවි සිත සුවපත් වේ 

තනිකම දැවටී දෑසේ දැලින් උණු කදුලැලි වෑහේ

ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ 
ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ 
එපා කිසිත් වෙන දෑස පතන රුව බෙහෙතක් වැන්නේ..

කරුණාරත්න  දිවුල්ගනේ ගයකයානන් විසින් ගායන කරන මෙම ගීය ඉතාම සංවේදී ගීතයක් වන බව මගේ හැගීමයි. මහින්ද දිසානායක විසින් රචිත මෙම ගීය සදහා මියුරු සත්සර මුසුකොට ඇත්තේ උපාලි ජයලත් විසිනි. ගීතයේ පද සංකලනයන්ට හා දිවුලගනේ මහතාගේ හැගුම්බර හඩට උචිත වන ආකාරයෙන් සංගීතය මුසුකොට ඇත.
රජයේ රෝහලකට ඇතුලත් වන තරුණයෙක් රෝහල් වාට්ටුවේ ඇදක වැතිරී සිටින මොහතක ඔහුගේ ඇස ගැටෙන සුන්දර යුවතියක් ගැන පහල වන ලස්සන ප්‍රේමනීය අදහස් පෙළක් මේ ගීය හැඩකර ඇත.
රෝහලක සිටින සුන්දර යුවතිය අන් කවරකුත් නොව සුදු නිල ඇදුමින් සැරසී ලස්සන පළදනාවක් හිස පැළද සිටින ඇය හෙදියක්. නර්ස් නෝනා කෙනෙක්.
රෝහල්වල සේවය කරන හෙදියන්ටනම් මෙය නුහුරු අත්දැකීමක් නොවනු ඇති..

මේ තරුණයා ප්‍රශ්න කරන්නේ අසනීප  වෙලා ඉන්න මගේ ලෙඩ බලන්න ඇයි එන්නේ නැත්තේ..
මට බොහොම අසනීපයි. ලංකාවේ  රජයේ රෝහල්වල නම් මේක සාමාන්‍ය දෙයක්.මේ රචකයා එම සමාජ අඩුපාඩුවද තම නිර්මාණයෙන් විග්‍රහ කරන අයුරු හරිම අපූරුයි..
රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
මේ හෙදියගැන ප්‍රේමයෙන් ඉන්න තරුණයට සිතෙන්නේ ඇය ලග නැත්තම් කොහොමද මගේ ලෙඩ සුව වෙන්නේ. මගේ ශරීරයේ වෙහෙස නිවෙන්නේ .. මගේ ගතට සිතට සහනයක් එන්නේ .. ඔයාට මේවා තේරෙන්නේ නැද්ද? ඇයි මගේ දිහා බලන්නේ නැත්තේ .. මම අසනීප වෙලා ඉන්නේ .. මේ තරුණය පොඩි තරහකින් තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා... රචකයා ඉතාම රසවත් අයුරින් පද පෙලගස්වලා තියෙනවා..

ලගට ඇවිල්ල ලෙඩ විමසන්නකෝ. එතකොට මගේ මේ අසනීප ඔක්කොම නැතිවෙලා යාවි .සුවපත් වේවි. හෙදිය ඇවිත් ලෙඩ විමසනකොට , බෙහෙත් දෙනකොට , වචනයක් දෙකක් කතාකරනකොට  මේ තරුණයට දැනෙන්නේ ඇද ලගට ඇය ඇවිත් සතුටු සාමිචියේ යෙදෙනවා වගේ.... ඔයා මගේ ඇද ලගට ආවත් ඇති මගේ මේ පිච්චි පිච්චි තියෙන අසරණ හිත සුවපත් වේවි...

ඔයා ඈත ඉන්න එපා .. මට හුගක් දුකයි .. මට පේන්නවත් ඉන්න. මට දැන් හරිම පාලුයි.තනියි. බලන්න කෙල්ලේ මගේ ඇස දෙකෙන් කදුළු ගල හැටි.. ඔයාට පෙන්නේ නැද්ද.. මට මහා තනිකමක් දැනෙනවා.. මට එක දරාගන්න බෑ... මගේ ඇස්දෙකෙන් කදුළු ගලනවා... මෙච්චර කදුළු හලන්නේ ඔයා ලගකවත් නැති නිසා....

දොස්තර  මහත්තයාගේ බෙහෙත්වලින් මට වැඩක් නෑ එයා කොච්චර සාත්තු කලත්, බෙහෙත් දුන්නත් මට වැඩක් නෑ... මගේ ලෙඩ සුවපත් කරන්න එයාට බෑ.. සුව වෙන්නෙත් නෑ.. සුව වෙනවා තිය සුවයක් පලාතකවත් නෑ..මගේ මේ පිච්චුනු හිත සුව කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඇයි දෙය්යනේ කාටවත් මේවා තේරෙන්නේ නැත්තේ...
ජීවක දෑතේ පහස ලැබූවත් සුව නෑ ලං වන්නේ

වෙන  කිසිම බෙහෙතක් මට එපා..මගේ ඇස දෙක ඉල්ලන්නේ ඔයා.. මගේ ඇස දෙකට ඔයාගේ රූපය දැක්කත් ඇති.මගේ ඔක්කොම ලෙඩ සුවපත් වෙනවා..මට ඕන එකම බෙහෙත ඔයාගේ රූපය විතරයි.. මම හොයන දිවය අවුෂදය ඔයාගේ රූපය, ඔයාව. මේ ලෝකේ මට වෙන මොනවත් තිබුනත් වැඩක් නෑ නර්ස් නෝනේ..මට ඔයාවයි ඕන... මගේ ආත්මය සුවපත් කරන්න පුළුවන් ඔයාම විතරයි...

 මේ ලෝකේ මිනිස්සු කොච්චර ආදරේ හොයනවද ? ලස්සන ආදරයකට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්.. ලස්සන ඇස දෙකකට පිරිමියෙක් ලෙඩ කරන්නත් ලෙඩ සුවකරන්නත් පුළුවන්... 

Sunday, July 22, 2012

ගූණේ අයියගෙ කාමරේ ....

නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කරන මේ ගීතය බොහෝ බ්ලොග් සටහන් වල ඉදිරිපත් කරල තිබුන. මේ ගීතය බයිල සංගීතය තුල ඉහල ස්ථනානයක් දිනාගෙන ඇති අතර ලංකාවේ රූපවාහිනී නාලිකාවක රියැලිට් තරඟයක් සඳහා ඉදිරිපත් වූ අවස්තාවක, ලංකාවේ විෂිශ්ටතම සිංහල ඇඳුරාණන්; උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රබුද්ධ විග්‍රහයෙන් පසුව බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.
ලංකාවේ වැඩිම කැසට් පට සංඛයාවකට හිමිකම් කියන ගායකයා හා දක්ශ පද රචකයෙක් වූ හේමසිරි හල්පිට මහතා ගේ නිර්මාණ දායකත්වයෙන් මේ ගීතය ප්‍රසංග වේදිකාව තුළ පෙරලියක් කලේය.
මේ ගී විචාරය සන්නස්ගල මහතාගේ වචන වලින් අපි බලමු..

 ගීයේ පද පෙල... 
 සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ 
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ 
හිටපන් සයිඩ් එකේ වාඩි වෙලා සුමිතුරේ 
මස්කට් පැණි බූන්දි තියෙනවා කාමරේ 
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ 

මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ 
පච්ච සිරාලා එතකොට කොච්චි එළාලා 
ගුෂ්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා 
සැප විඳලා මචා වෙලා පීචං වීලා 
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වලදලා 
නළුමන්ලා නිලිමන්ලා කැමර කටාලා 
අලි වංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා 
බර පොරවල් ෆොරීන්ස් කකුල් එකට වැටීලා 
ටූ තවුසන්ඩ් ත්‍රී තවුසන්ඩ් යයි විසි කරලා 
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ 
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ
ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන් 
ෆේස් ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින් 
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින් 
වැලි ගල් කටු බොරු නැහ මගෙ වැඩ රාත්තලෙන් 
කොත නම් කොත කුරුස වලට මගෙ ලඟ ඉඩ නැත 
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත 
දුකට සැපට මම එන්ටර් මගෙ නැහ බොරු ගොත 
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහ කෙනෙකුගෙ හොඳ හිත 
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ 
මේක ගුණෙ අයීයගෙ බජවු දාන කාමරේ

සංගීත නිර්මාපකයා සොයා ගන්න බැරි උනාට සමාවන්න .....

ගීතයක සොඳුරු නිමැවුම...

ලංකාවේ එක්තරා කාලෙක , ලොව පලමු අගමැතිනිය ආණ්ඩුව කරන කාලේ ලංකාවෙ බොහෝ ආයතන බහු ජාතික සමාගම් වලට විකිණුවා.. ඉතින් මේ කාලේ මේ සමාගම් වලින් යැපුන බොහෝ සේවකයන්ට රැකියා   නැති උනා.  බොහෝ අය මේ දේට විරුද්ද උනා.. ඒත් වඩක් උනේ නෑ..
මේ සමාගම මේ ගමට ස්වර්ණ සම්පතක්…  රාජ මාළිගාවක් වගේ .. එතරම්ම මේ දුප්පත් අසරණ මිනිසුන්ට පිහිටක් උනා .. ඒ නිසාම තමා මිනිසුන්ට මේ කම්හල හා පෝෂිත භූමිය මෙලෙස පෙනුනෙ..
දැන් මේ භූමිය හා කම්හල බහු ජාතික සමාගමට අයත් වෙලා .. ඉතින් දැන් මිනිසුන්ට රාජ මාළිගාවක් නෑ…   
සත් සමුදුරෙන් එතෙර වෙලා යුද්දෙකට ආපු සතුරු සේනාව විසින් මේ භූමිය අල්ල ගත්තා . කටු කම්බි වලිනුත් වටකලා .. . මේවට රාජ්‍ය අනුග්‍රහය  නොඅඩුව ලැබුණා…  මේ අහින්සක මිනිසුන්ට කරන්න කිසුදු දෙයක් නෑ.. මිනිසුන් අසරණ වෙලා .. 
එදා දුප්පත් මිනිසුන්ගෙ දෑත් වලින් ඉදිරුන මේ කර්තව්ය දැන් ට්‍රැක්ටරේ යකඩ සද්දෙන් මොහොතින් ඉටු වෙනවා .. අලින්ගෙ කුන්ච නාදයෙන් ඇලලී ගිය මේ භූමිය රැක ගත්තෙ මෙ දුප්පත් මිනිස්සු ... ඒ මේ අලි විනාශ කලොත් ජීවනෝපායක් නැතිවන නිසා.. කුන්ච නාදය කොහි සැගවිලාද.. ට්‍රැක්ටරේට අහුවෙලා පන ගැහෙන මේ ඇටකටු කොතරම් අවසනාවන්තද ?  
මේ සීතල පොළොවේ අපි හැමටම අයිති හතර රියනයි .. මේ හතර රියනත් අහිමිව විලාපය නගන ඇටකටු.. මේ ඇට කටු වලට මේ සීතල පොලොව යට සැතපෙන්නවත් ඉඩකඩක් නෑ .. එතරම්ම ශොචනීයයි .. හතර අතේ වැටුනු තැන්වල ..
කටු කම්බියෙන් බෙදා වෙන් කරන්න හදන මේ භූමිය රැකගන්න වරෙවු… සුද්දට එරෙහිව නැගිටින්න වරෙවු .. වරෙවු සිහලුනේ රැක ගනිවු අපේ භූමිය ..   
බය වෙන්න නම් එපා මේ සමූහ මිනිස් ඝාතනයක් නම් නෙවෙයි ...  
මේ ඇට කටු වගේ රචකයට පේන්නෙ උක් ගස් ... මිනිසුන්ගෙ දෑත් වලින් කැපුන උක් ගස් , අලි රන්චු පිටින් හොරා කාපු උක්ගස් දැන් යකඩ යන්තරෙන් තැලී පොඩි වී යන අයුරු දෙනෙතට කඳුලු බිඳු නැගෙනවා ...
මේ ගීය ලියන්න පාදක වෙන්නෙ පැලවත්ත සීනි සමාගම රජය විසින් බහු ජාතික සමගමකට විකුනපු අවස්තාව ...
එක් වරම තේරුම් ගැනිමට අපහසු වුවත් රචකයා ඉතා සූක්ශමව ඔහුගේ දක්ෂතාව පිලිබිඹු කරමින් ව්යන්ගාර්තයෙන් ඉතාම වටිනා අදහසක් ඉතාම නිර්මානශීලීව ඉදිරිපත් කරනවා..
සුමදුර තනුව හා ගැඹුරු කටහඩ පසුබිම් අත්වැල් ගායනය ඉතා විශිශ්ට නිර්මානයක් හෙල කලා කෙතට දායාද කරනවා 

 ඔබේ පරිගණකයට ගීතය භාගත කරගෙන රස විඳීමට

Friday, May 25, 2012

කාට නම් කියන්නද.............?

i|g ;ks rl_k ;re j,g

ÿl l_hkako

u,g fmï lrk nU/kag

ÿl l_hkako..

;=/,;d isôk u| k,g

ÿl l_hkako..

Tng fkdyefÕkd ÿl

ldg kï l_hkako..

Thursday, May 24, 2012

හිරිමල් යෞවනය..

ින්නේ ඩෙනිමය…. එයද හැලෙන්නටය….
කොටු කමිසය, බැගි, shoes.. කාටත් පොදුය
ඡංගමය කණේය‍….
අත වෙලා නූල් පන්දුය
ගන්නේ රස්ති පෙනුමය
යන්නේ මොවුන් tutory………

භාෂාව සිංග්lish ය
නිය, තොල් ,පාට පාට ය
බෑගය සරසවි වගේය….
යන මග ඇයද නොදන්නීය
….

හිරිමල් යෞවනය..
තවත් ගවි ගණනින් දුරය
එනමුදු එක බැල්මකින්..
පෙමද අරඹා හමාරය
කාලය මැවූ වෙනසක..
අරුමයත් ඉතිංමෙයමය
දුටුවන්ට නමි සිතෙන්නේ
අනේ ඇත්තට මුන්ට පිස්සුය….

Wednesday, May 23, 2012

හුග දවසකින් බ්ලොග් එකට ගොඩ වුනේ...අද මම ඔයාල වෙනුවෙන් හොයාගෙන ආව පුංචි සොෆ්ට්වෙයර් (software) එකක්...මේක හැමෝටම නොවටින්න පුළුවන්..එත් නොකියා ෆෝන් (nokia phone)එකක් තියෙන අයට නම් වටිනවා..
අපි බලමු අපේ නොකියා ෆෝන් එකේ තියෙන ෆයිල් වල බැකප් (file backup) අපි ගන්නවනේ... සමහර වෙලාවට ෆෝන් එක කැඩුනොත් අපිට මේ බැකප් වල වටිනාකම බොහොමා ඉහලයි නේද?

 ඉහතින් දක්වල තියෙන්නේ නොකියා බැකප් ෆයිල්....

ඉතින් මෙහෙම වෙලාවක අපේ ෆෝන් බැකප් එකේ තියෙන දුරකථන අංක (contacts)අපිට බලන්න විදියක් නෑ...
එහෙමත් නැති නම් අපි නොකියා ෆෝන් එක අතහැරලා වෙන ෆෝන් එකකට මාරු වෙනවා නම් නොකියා ෆෝන් එකේ තියෙන අංක කෙටි පණිවුඩ (SMS) වගේ ඒවා ගන්න අමාරුනේ...  ඒකට අපිට පුළුවන් මේ සොෆ්ට්වෙයර් එක බාවිතා කරලා මේ නොකියා බැකප් ලිහාගන්න....(extract)

මේ පුංචි සොෆ්ට්වෙයර් ඒකතමයි...NbuExplorer_v2.5
මේ  ලින්ක් එක බාවිතා කරලා පුළුවන් ඒ සොෆ්ට්වෙයර් එක ඔබේ පරිගණකයට බාගත කරගන්න..

මේක පුංචි සිප් ෆයිල් එකක් විදියට තම ලැබෙන්නේ..එක ලිහාගෙන ඔබේ පරිගණකයේ ධාවනය කරවන්න..එවිට මේ වගේ පින්තුරයක් ලැබේවි..

මෙහි ෆයිල් මෙනුවට ගොස් එහි open dialog box එකෙන් ඔබට අවශ්‍ය නොකියා බැකප් ෆයිල් එක ලබාදෙන්න..මෙය nbu ෆයිල් එකක්. එවිට එහි ඇති සියලු තොරතුරු විවිද ෆෝල්ඩර් විදියට ඔබට පෙන්නාවි...අවශ්‍ය ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කර එක්ස්පෝර්ට් විදානය මගින් ඔබට අවශ්‍ය තැනකට සේව් කරගත හැක...
හැමටම  ආයුබෝවන් වාසනාවන්.....!!!!!!!!!!!!!!

Wednesday, May 16, 2012

පුංචි අරුම පුදුම

අද මම බැලුවේ පුංචිඅරුම පුදුම දේවල් ටිකක් දෙන්න...මේක මයික්‍රසොෆ්ට් ආයතනයේ අපේ බිල් ගේට්ස් මාමටත් හිතා ගන්න අමරුලු...ලෝකේ මෙහෙමත් දේවල් තියෙනවා...

  1. ඔයාලගේ කොම්පියුටර් එකේ con කියල ෆයිල් එකක් හොයාගන්න බැරුව වගේම  con කියල ෆෝල්ඩර් එකක් හදන්නත් බෑ... මේ වැඩේ මොන ක්‍රමයකටවත් හදන්න බෑ...මේ ගැටලුවට අපේ බිල් මාමටත් පිළිතුරු නෑ....
  2. ඔන්න  යාලුවනේ මම ඔයාලට පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් ගත්ත ඔයාලට මේ con පෙන්නන්න..මාත් ඉතින් එක සේව් කල con කියල...අප්පටසිරි වින්ඩෝස් අන්කල්ට මල පැනල ටින් ටොන් ගාල එරර් කොට්ටට්ක් දැම්මනේ..
  3. ඔයාලට තත්පර එකකින් දෙකකින් මොනවහරි වචන දාල පිටු හත අටක චේදයක් ලියන්න පුලුවන්ද?මොන හත අටද? පිටු පන්සීය හැට හතක්..තත්පර දෙකෙන්...මොන විකාරයක්ද මේ කියල බලයි නේද?... එහෙනම මයික්‍රොසොෆ්ට් වර්ඩ්වලට ගොස් එහි =rand(200,99) කියල කොටලා එන්ටර් කරන්නකෝ......බිල් මාමා අන්ද මන්ද වී ඇත..
  4. සැත්තැම්බර් 11 මතක නේද? අර ලෝකෙම හෙල්ලුනේ...මතකනේ.. ගුවන් යානයේ අංකය Q33N. ඔන්න ඔය යානාව තම ඇමෙරිකාවේ ලෝක වෙළද මද්‍යස්ථාන ගොඩනැගිල්ලේ හැප්පුනේ...ඔය කතන්දරේ කවුරුත් දන්නවනේ..එක නෙමේ මම කියන්නේ.. ඔයාල වර්ඩ් පෑඩ් හෝ මයික්‍රසොෆ්ට් වර්ඩ් වල ඔය Q33N අංකය කොටලා අකුරුවල ප්‍රමාණය 72 කරලා අකුරු වර්ගය Wingdings වලට මාරු කරලා බලන්නකෝ...හරි පුදුමයි නේද?....
 
Tuesday, May 15, 2012

අජානීය ස්කූටර

අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..

සූසැට  ශිල්පයකු ගෙනා පාරගතව ගියෙනා..
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා...
මා ගත දා බිදු හදුනා හදේ සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා.

 සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ  තුන්යම සුවද උලා උදෑසනින් වැකෙනා..
 කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා...

ලස්සන ගීතයක් නේද?.. ඔබ බොහෝ දෙනෙක් මේ ගීතය අසා ඇතුවාට සැක නැහැ. ලංකාවේ ඉතාම ජනප්‍රිය ගීතයක්.. කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ සුමදුර හඬින් ගැයෙන මේ ගීයේ පදපෙල අපිට ටිකක් නුපුරුදුයි වගේ නේද? බොහෝ දෙනාට අර්ථය වටහා ගන්නත් අමාරුයි.. ලස්සන අරුතක් තියෙන මේ ගීයෙන් කියවෙන්නේ මොකක්ද කියල අපි සොයා බලමු..

අජානීය කියන්නේ ලෝකේ (තුරඟ තරඟ වල) වේගයෙන්ම දුවන අශ්වයින් ජාතියක්...ස්කූටර් කිවුවම දන්නවනේ මෝටර් සයිකල් කියල... දැන් තියන ඒවාට තියෙන්නේ ගුවන් යානා තාක්ෂනයනේ...ඒවගේ ප්‍රථිපල රෝහල් වාට්ටුවකට ගියාම බලාගන්න පුළුවන්..
අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
ඉතාම වේගයෙන්,පවනට බදු වේගයෙන් යන සුපිරි පන්තියේ යතුරු පැදියක නැගී කුමාරියේ කොහෙද මේ යන්නේ..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
තමන්ගේ පෙමවතාවබදාගෙන ඔහුගේ උරහිසට උඩින් ඉස්සී නගරයේ සිරි අසිරි බලමින් උජාරුවට යන අපූරුව දැක්කම මට හිතුනේ උබේ ඔය ආඩම්බර කිරුල කඩාගෙන වැටෙයිද කියල..අර අහල තියනවනේ ගීයක පදපෙලක් මෙහෙම "උස අත්තක මලක් උනේ ගවු ගණනක් උඩින් ඉන්න අන්තිමේදී උරුම උනේ මල පොකුරක එකක් වෙන්න.."
මේ  කතාවට පාදක වෙන චරිතය මේ සිද්දියේ දුර හුගක් දකින නිසයි ඔහුට මෙහෙම හිතෙන්නේ..ඇරත් වර්තමාන කාලේ මේ වගේ සිද්ධි සමාජයේ අරුමයක් නෙවෙයි...

මේ චරිතය කොච්චර උගත් වුවත් ශිල්ප 64 ම දැනගත්තත් ඒවා ඔක්කොම නැතිව ගිහින් දයිවයේ සරදමකට තමා මේ පාරේ වැඩකරන්න සිද්ද වෙන්නේ..මේ සිද්දිය දකිද්දී එයාට මතක් වෙන්නේ තමන්ගේ පෙමවතිය..තමන් මේ විදින දුක ගැහැට හරියට තේරුම් ගනිපු ඇය තමන්ගේ දාඩිය සුවදට ඇලුම් කරනවා.. උදේ ඉදන් රෑ වෙනකන ගිනි අවුවත් එක්ක ජීවන ගඟ එතෙර වෙන්න ඔට්ටු වෙන ඔහුගේ ශරීයෙන් ගලන දා බිදු පිසලන පුංචි ලේන්සු පටේ තියෙන ජීවන සුවදට ඇය හුගක් ඇළුම් කරනවා...ඇය ඒ ලේන්සුව සිඹිනවා.. එතරම්ම ආදරයක්..

උදුම්බරා මලක් පිපෙන්නේ හුගාක් කාලෙකට සැරයක්ලු ..  පරම පූජනීය ආදරයේ සංකේතයක් බඳුයි...  සදාකල්ම ආදරෙන් බැදුණු පෙම් යුවලගේ ආදරයේ සංකේතය මේ හුගාක් දුර්ලබ උදුම්බරා මල වගේ...
දන්කාලේ තියෙන ආදර කොහේ හරි කුලී කාමරයක රෑ එළිවෙනකොට ඉවර වෙන කාමයෙන් මත් වුන ආදරයක්...ඉතින් මේ පාරේ වැඩකරන අවස්ථාවේදී දකින මේ චිත්‍රයත් එක්ක ඔහුගේ මනසේ මේ කතන්දර පෙළ එකින ඒක මැවෙනවා...ජේත්තුකාර කොල්ලෙක්  සුපිරි සයිකලයක කෙල්ලෙක්ව තියාගෙන කොහේ හෝ කුලී කාමරයක් සොයා යනවාදැයි ඔහුට සිතුන නිසා වෙන්න ඇති මේ පද පෙළ ඔහුගේ සිහියට ආවේ.."විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා.."
ඉතින්  මේ රෑ එළිවෙනකොට කොච්චර ප්‍රේම වියැකිලා ගියත් දෙයියනේ කියල උදුම්බර මල පිපෙන්න..ඇයි ඒ? අපි වගේ දුප්පත් අවංක අව්‍යාජ පෙම්වතුනුත් ඉන්නවා... ඔවුන් වෙනුවෙන් පිපෙන්න..
වර්තමාන ආදරේ උදේට පරවෙලා යනවා කියල නොපිපි අරින්න එපා...හැමදාටම පිපෙන්න..."කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..."

.

Tuesday, May 8, 2012

කළුවරට ගස් කැපීම....

ඔන්න ආයිම ආව බ්ලොග් ඒක පැත්තට... අපේ අය බලනවා ඇති මොකක්ද මේ අද කියන්න යන හරුපේ කියල...හොරාට ගස් කපන හැටිද?අප්පටසිරි කිවුවලු..(නෙවෙයි, ඇපල්සිරි කිවුවලු) පොලෝසි ගානේ බඩ ගැන කේස් එකක් වගේ....
අනේ  නෑ...මම ඔයාලට ඒ වගේ නීති විරෝධී වැඩ ඔයාලට කියාලා දෙන්නේ නෑ...
ඔය අපේ පරණ උදවිය එහෙම ඔය කතාව කියනවා ඔයාලට ඇහිලා ඇති...ඕක කළුවරට ඉරුව නම් ඔහොම ගුල්ලෝ ගහන්නේ නෑ...එක්කෝ මඩේ වත් දාල ගන්න තිබුන නේ...
ඔය කතන්දර ඇහෙන්නේ ලී ගැන එහෙම කතා වෙනකොට...ගෙයක වහලෙට ලී ඕන වුනාම අපි ඉතින් ලී මඩුවට ගිහින් ගේනවා ඇරෙන්න ඉරපු හැටි අහනවයි නේද?
ඔය වාස්තු විද්‍යාව ගැන දන්නා අය නම් ඔය කතන්දර ගැන හොදට දන්නවා...

අපිත් බලමු මේ කතන්දරේ විද්‍යාත්මක පැත්ත...අපිට ඉතින් හැම මගුලටම විද්‍යාව නේ..
ගැමි වහරේ තියෙන්නේ ගහක කපනවනම් හඳ පායපු කාලෙට කපන්න හොද නෑලු.මේ වගේ වෙසක් හරි ඕනෑම පාලොස්වක කාලෙකට.හොදට කරුවල බලල තම කපන්න ඕන.ඒ කියන්නේ අමාවකට...නැත්තං ගුල්ලෝ ගහනවා, ඉක්මනට දිරනවා...

ඇයි මේ....

මෙහෙම වෙන්නේ හඳේ බලපෑම නිසයි... පාලොස්වක කාලේ කියන්නේ හොදට හඳ පායන කාලේ නේ.. හැදෙ ආකර්ශන ශක්තිය පොළොවට වැටෙනවා...මේ ආකර්ෂණය නිසා අහල තියනවනේ වායුගෝලයේ පීඩනය වෙනස් වෙලා වඩදිය බාදිය ඇතිවෙනවා කියල... ඔන්න ඔය කතන්දරේ ගස් වලටත් බලපානවා... මේ නිසා ගහේ මුල් දිගේ ආහාර, ජලය ගහට හොදට ඇදල ගන්නවා..ඒවා ගහේ තැම්පත් වෙනවා...එකට තම එලය කියන්නේ... මේ කාලෙට ගහේ තියෙන ආහාර, ජලය වෙන කාලවලට වැඩ හුගක් වැඩි.. ඉතින් මේ කාලෙට ගස් කැපුවම ඒවායේ තියෙන ආහාර කන්න ගුල්ලෝ වගේ සත්තු එනවා..උන් විදගෙන ඇතුලට යනවා...කාලයක් යනකොට ඒ ඉරපු ගැහෙන වැඩක් නෑ...ඔක්කොම දිරල..ගුල්ලෝ ගහල.. කළුවර කාලෙට එහෙම නෑ...
ඉතින් මේ හඳ තියෙන කාලෙට ඉරන ගස් මඩේ දාල තැම්බෙන්න ඉඩ හරිනවා..එතකොට අර ආහාර කොටස් පල් වෙලා යනවා...ඒවා කන්න සත්තු එන්නේ නෑ...

ඔන්න ඕක තම කතන්දරේ කළුවරට ගස් ඉරන....
දැන්නම් ඉතින් මොනාද ..මට මතක් වෙන්නේ අර ආච්චි කෙනෙක් කියපු කතන්දරේ...
අනේ දන්නේනෑ රාලහාමි ,ඊයේ රෑ ඇහුනා ගහ වටේ මෝටර් සයිකලයක් යනවා..හැබයි මහත්තයෝ දෙපාරයි ගියේ... ජරබරාස් ගාල සද්දයක් ආව... මම හිතුවේ පදපු එකා වැටෙන්න ඇති කියල... බැලින්නම් උදේ නේ දැක්කේ මේ මහා ගහ බිම නේ... දෙයියනේ...අපරාදයක මහත...

එහෙනම් ඕං මං ගොහින් එන්නම්...

Sunday, May 6, 2012

අතෘප්තිමත් ජීවිතයක...

බැංකුවේ ගෙවන ලාච්චුව වැනිය
ජීවිතය!

උදේ නාමයට පිරෙයි
ලක්‍ෂ ගණනින් මුදල්
ටිකෙන් ටික විටින් විට ක්‍ෂයව ගොස්
දහවලේ ඉදිරිපස දොර වැසෙන යාමයට
හිස්‌ බවින් පිරී ගිය
ලාච්චුවේ කොටු හතර
හිනාවෙයි ඔච්චමට වාගේ මට!!!!

බාල විය ප්‍රමුදිතව තොසින් හිද
යෞවනේ මල් උයන මැදින් ගොස්
හිස්‌ බැවින් ජීවිතේ ඉමට එන
විඩාපත් මිනිස් සිරුරක් මැවෙයි
මුදල් නැති ලාච්චුව දකිනවිට..!!!
(දුමාරය-බන්දුල නානායක්කාරවසම්)

සිංහල හෝරා සටහන...

හුග දවසකින් බ්ලොග් එකට ලිපියක් ලියන්න ගොඩ උනේ..වෙසක් සැරසිලි අතරේ පොඩි කම්මැලිකමක් ආ නිසයි මුකුත් ලියන්න හිතදුන් නැත්තේ..
දැන් මේ සිංහල රට සම්පූර්ණයෙන්ම යුරෝපීය වෙලානේ..කොටින්ම කිවුවොත් සුදු පාට මල් වැටුන රතුපාට රැලි ගවුමක් අහලගම් පන්සීයක හෙවුවත් හොයාගන්නවත් නෑ.. ඉතින් ඔය හුග දෙනෙක් සිංහල හෝරා ක්‍රමය ගැන හාන්කවිසියක්වත් දන්නෙ නෑ..ඉස්සර ඈපා පංචාංග ලිතේ නම් අනිවාර්යෙන් තිබුණා.. එත් ඒ විදියට තිබුනම අපේ යුරෝපීයසිංහල ගැමි කතුන්ට ඕව නොතේරෙන නිසා දැන් ඒකෙ දන්නෙත් නෑ..
මං අද මේ කියන්නේ මොන බහුබූත්යක්ද කියල බලනවා ඇති.. නේද???
අපේ සිංහල බ්ලොග් එකට දාගන්න පුළුවන් සිංහල ක්‍රමේට වෙලාව පෙන්වන සරල හෝරා සටහන් යන්ත්‍රය තමා මේ..

  1. මුලින්ම ඔයාගේ බ්ලොග් එකට ලොග් වෙලා ඩිසයින් (design) ටැබ් එකට යන්න..
  2. ලේඅවුට්(layout)  එකේ ඇඩ් අ ගැජට්(add gadget) වලට ගිහින් HTML/Java Script තෝරන්න..
  3. මී ළගට පහල තියෙන code එක copy කරලා content එකේ paste කරන්න..
  4. <script type="text/javascript">
    <!--සිංහල හෝරා සටහන Script by http://saybarkadamalla.blogspot.com-->

    var currentTime = new Date()
    var hours = currentTime.getHours()
    var minutes = currentTime.getMinutes()
    if (minutes < 10){
    minutes = "0" + minutes
    }
    if(hours >=12){
    document.write("අපර භාග ")
    } else {
    document.write("පූර්ව භාග ")
    }
    document.write("හෝරා " + hours + " පසු වී මිනිත්තු " + minutes + " යි ")

    //-->
    </script> 
  5. මී ළගට තියෙන්නේ title එකට සිංහල හෝරා සටහන කියල ලියන්න..
  6. ඊ  ළගට save කරලා බලන්න..
ඔයාලගේ  බ්ලොග් එකේ සිංහලෙන් , සිංහල ක්‍රමයට වෙලාව සටහන් වෙලා තියේවි..
අපූරුයි නේද?

Wednesday, May 2, 2012

සදාකාලික නොවූ ලෝකේ

සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්...

මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කදුලින් සේදිලා

ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පැදිලා...

එදා ලග සිට දුටුවා ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ

සදාකාලික නොවූ ලෝකයේ සද කෙලෙසද පෙම් බදින්නේ...

ගායනය: සුනිල් එදිරිසිංහ

ඉතාම සුන්දර ගීතයක්.. සුනිල් එදිරිසිංහයන්ගේ සුමදුර කටහඩකින් හැඩ වෙලා රෝහණ වීරසිංහයන්ගේ මියුරු ස්වර රටා වලින් හැද පතුලට කිමිදෙන මේ ගීය තවමත් එදා වගේම අදත් බොහෝ දෙන අතරේ හුගක්ම ජනප්‍රියයි..මේ දෙදෙනාගෙන් හැඩවෙන්නේ ආනන්ද අමරසිරි කියන ගීත රචකයාගේ අග්‍රගන්‍ය පද පෙළ...

ඇත්තටම මේ ලෝකේ සදාකාලික නෑ..ඒක ඔබත් මමත් අපි හැමෝමත් දන්නවා.. බුදුදහම රකින අදහන අපි මේ අස්ථීර ලෝකේ ගැන හොදට දන්නවා...එහෙවු ලෝකෙක අපි සදාකාලික ප්‍රේමයක්...අමරණීය ප්‍රේමයක් සොයාගෙන ඇවිදින ඒක හරිම විහිළුවක්...මේ වාණිජකරණය වූ ලෝකේ හැමෝම හැල්මේ දුවන යුගයක අපි ඇත්තටම ආදරේ කාටද කියලවත් දන්නේ නැති පිරිසකුත් ඉන්නවා..අඩුම ගැනේ තමන්ටවත් ආදරේ නැති අය ඕනෙ තරම්..
ඉතිං මේ රචකයා කියන්නේ තමන් ලග තිබුණු ආදරේ සෙනෙහස පැත්තක දාල සදාකාලික ප්‍රේමයක් සොයාගෙන විවිදාකාරයේ ප්‍රේමයන් පස්සේ  දුවල දුවල හති වැටුනම නැවතුනා...එතකොට තමා තමන්ට සත්‍ය අවබෝධ වුනේ... හරියට අර බුදුන්ගේ කාලේ පටාචාරට බුදුන් වහන්සේ නොමල ගෙයකින් අබ ගේන්න කිවුව වගේ..   එතකොට මෙයා හුගක් ප්‍රමාද වෙලා (මෙය කිවුවේ මේ ගීයෙන් කියවෙන කතාවට අයිති වෙන කෙනා..)  තමන් ලග හුගක් ආදරෙන් තිබුණු ප්‍රේමය එයාගෙන් හුගාක් ඈතට ගිහින්...  ඇත්තටම එයාට ඒ පහුවුන කාලය සිහිනයක් වගේ...

ඒ කාලේ වෙනකොට තමන් ලග තිබුණා ප්‍රේමය, ඒ කිවුවේ තමන්ට මෙතෙක් කල් ආදරය කරපු, තමන් ආදරය නොකරපු ගෑනු ළමය  වෙනකෙනෙකුගේ ආදරය ලබලා ... තමන් තමන්ට ආදරය කරන නිසා තමන්ගේ අනාගතය වෙනුවෙන් සුදුසු සහකරුවෙක් සොයාගෙන කසාද බැදලා වෙන්නත් පුළුවන්..
ලස්සනට ඉදපු මේ පිරිමි ළමය කෙට්ටුවෙලා..කලුවෙලා..ඇදිල ගිහිල්ල.. හුගක් දුක් විදිනවා ..ඒ කාලේ මෙයාට සත්‍ය වැටහිලා බොහොම දුකෙන් හුගක් මනසින් ශරීරයෙන් දුක් විදිනවා... මේ ගෑනු ළමය හුගක් ආදරය කරපු කෙනෙක් මෙහෙම දුක් විදිනවා දකින කොට තමන්ගේ ඇස් වලට කදුළු එනවා නොදැනීම.. මෙන්න මේ දෙදෙනා දකින මේ අවස්ථාව තමා
මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කදුලින් සේදිලා කියල කියන්නේ....

මේ ගෑනු ළමය රූපෙන් ලස්සන නොවෙන කෙනෙක්..ඉතිං මෙයා ඒ දවස්වල සදාකාලික ප්‍රේමය කියල කියන්නේ හොයල තියෙන්නේ බාහිර රූපෙන් ලස්සන ගෑනු ළමයෙක් ..දැන් තමා එයට තේරෙන්නේ සත්‍ය ප්‍රේමය කියන්නේ බාහිර ලස්සන නොවේ කියන එක ... මේ අහිසක ගෑනු ළමයාගේ හදවත පුරා තියෙන සත්‍ය ප්‍රේමය මෙයාට දැන් වැටහෙනවා..එහෙම තේරෙනවෙලාවට තමා මේ පදපෙල සිහිවෙන්නේ..

එදා ඇත්තටම තමන් ලග ඉදගෙන පෙම්බස් මුමුණපු කාලේ මේ ගෑනු ළමයාගේ ප්‍රේමය හදුනා නොගත්තට දැන් තමන්ට එයාව අයිති නැති කාලේ ඒ ප්‍රේමය දකිනවා..එතකොට හුගක් ප්‍රමාද වෙලා... 

දැන් සදාකාලිකව ප්‍රේම කරන්න , හදපතුලින්ම එන සත්‍ය ප්‍රේමයක් තමන්ට තිබුනත් තමන්ට සදාකල් ප්‍රේම කරපු යුවතිය තමන් අහලකවත් නේ... ඉතිං කොහොමද සදා පෙම් බදින්නේ...

හුගක් අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක් බොහොම සරලව ඉතාම අලංකෘතව මේ තුන කට්ටුව සිංහල කළා  ලෝකෙට දායාද කරලා තියෙනවා..

සින්දුවේ රසය ඔබේ දෙසවනින් විදගන්න..

Tuesday, May 1, 2012

මගේ බ්ලොගය

මගේ බ්ලොගය

බොහෝ කල් ඉදල මගේ හිතෙත් ආසාවක් තිබුණා බ්ලොග් එකක් ලියන්න... වෙලාවකට ඔයා වැඩේට කම්මැලියි.. කඩුවත් හරහට ඉන්න එකේ බයත් හිතෙනවා.. මාත් ඔයා අන්තර්ජාලේ කරක් ගහන ගමන් එක එක බ්ලොග් වලට යනව..එනවා.. හුගක් ලස්සන ප්‍රයෝජනවත් බ්ලොග් හුගක් මට හමුවෙලා තියෙනවා..ඒ වගේ වෙලාවට නම් මට හුගක් ආස හිතෙනවා මගේම කියල බ්ලොග් එකක් හදන්න..
ආයිම වෙලාවකට හිතෙනවා මම බ්ලොග් එකක් හැදුවත් මොනාද මම මේකේ ලියන්නේ... අනුන්ගෙන් කොපි කරන්නත් බෑනේ..මේ බ්ලොග් එක තාමත් හැදුවට මේකේ ලියන කියන දේවල් ගැන මගේ මේ ඔලු ගෙඩියට කිසිම අදහසක් එන්නේ නෑ..  ඒත් ඔයා හිතපු ගමන් එන සමහර සිතුවිලි, අරව මෙවුවා මම ඔය කොළ කෑල්ලක හරි මගේ ජංගම තෙලබනුවේ සටහන් කරගන්නවා...

අප්පටසිරි මොකක්ද මේ තෙලබනුව කිවුවේ..ඔය දැන් කාලේ හැම එකාගේම අතේ තියෙන්නේ... මොබයිල් ෆෝන් ... තෙලබනුව කියල සිංහලෙන් කියන්නේ දුරකතනයට..
අපි ඉතිං ඉංගිරිසි සිංහල කවලමේ ජරබර ගාල නේ අපේ ටෝක්ස් අනුන්ට බෙදන්නේ... ඔයවගේ තව සිංහල වචන තියෙනවා..ඒවා හරියට අන්ධ භූත ජාතකේ වගේ අපිට... හොයන්නකෝ එහෙනම් පටි සටහුව කියන්නේ මොකකටද කියල...
ඔයිං මෙයින් මම මේක පටන් ගත්ත කොහෙන්ද කියලත් අමතක වෙනවා තව චුට්ටෙන්... ඉතිං ඔහොම ඕන දෙයක් වුනාවේ කියල මට හිතුන අද හොදම දවස කියල මගේ බ්ලොගයට උප්පත්තිය දෙන්න...

අද  ලස්සන දවසක්... වර්ෂ 2012 ක් වූ මැයි මස පළමු වැනිදා... ලෝක කම්කරු දිනේ..
මට ගුරුහරුකම් දුන්න රිච්මන්ඩ් මෑණියන්ගේ උපන් දිනය...1876 අද වගේ දවසක ගාල්ලේ තියෙන ලස්සනම කන්දක ක්‍රිස්තියානි පල්ලියක් මූලික කරගෙන ජෝර්ජ් බෝ පූජකතුමාගේ ප්‍රදානත්වයෙන් තමා පටන්ගෙන තියෙන්නේ... ඔය කන්ද මුදුනේ තියෙනවා විශාල බෝ ගසක්.. ඉස්කෝලේ හදන්න ගස කපල සුද්ද කරද්දී මේ ගස ඉතුරු කරලා තියෙන්නේ තමන්ගේ නම තියෙන ගහක් නිසාලු...

සයිබර්  කදමල්ල කියලනමක් දැම්මේ ආසාවට හදපු බ්ලොග් එකට දාන්නේ මේවමයි කියල වාරණයක් දමාගන්න අකමැති නිසයි...එහෙම වුනාමත් නිදහස් අදහස් ඔහේ ගොලුවෙලා යනව...

මේ පින්තූරේ මෙතනට දැම්මේ මම අසා නිසා.එක ඉතිං කියන්න දෙයක් යැ. ඕන කෙනෙකුට තේරෙනවනේ...මම වැඩිපුරම ආස මුහුදටයි අහසටයි..ඔය දෙකම කොච්චර ඈත තිබුනත් පාට එකමයි...කොච්චර ඈත තිබුනත් පේන්නෙ එකට ගෑ වෙනවා වගේ..මේ ඔරුවේ ඉන්නේ මම...මහ විශාල තාක්ෂණික සාගරයක්  මැද තනිවෙලා... හබල් ගානවා ඒ තාක්ෂණික සාගරේ  පය ගහන්න පුළුවන් ඉසවුවක් සොයාගන්න....
ඒකට මේ සයිබර් කදමල්ල අත පත ගාන ඔයාලත් ලොකු හයියක් වේවි...

මම ඔය කියපු ලට්ට පට්ට ටික ටික ඉඩ පහසු ඇති විදියට සයිබර් කදමල්ලට එකතු කරන්න හරි බරි ගැහිලා තමා ඉන්නේ...