ලංකාවේ එක්තරා කාලෙක , ලොව පලමු අගමැතිනිය ආණ්ඩුව කරන කාලේ ලංකාවෙ බොහෝ ආයතන බහු ජාතික සමාගම් වලට විකිණුවා.. ඉතින් මේ කාලේ මේ සමාගම් වලින් යැපුන බොහෝ සේවකයන්ට රැකියා නැති උනා. බොහෝ අය මේ දේට විරුද්ද උනා.. ඒත් වඩක් උනේ නෑ..
මේ සමාගම මේ ගමට ස්වර්ණ සම්පතක්… රාජ මාළිගාවක් වගේ .. එතරම්ම මේ දුප්පත් අසරණ මිනිසුන්ට පිහිටක් උනා .. ඒ නිසාම තමා මිනිසුන්ට මේ කම්හල හා පෝෂිත භූමිය මෙලෙස පෙනුනෙ..

සත් සමුදුරෙන් එතෙර වෙලා යුද්දෙකට ආපු සතුරු සේනාව විසින් මේ භූමිය අල්ල ගත්තා . කටු කම්බි වලිනුත් වටකලා .. . මේවට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණා… මේ අහින්සක මිනිසුන්ට කරන්න කිසුදු දෙයක් නෑ.. මිනිසුන් අසරණ වෙලා ..

මේ සීතල පොළොවේ අපි හැමටම අයිති හතර රියනයි .. මේ හතර රියනත් අහිමිව විලාපය නගන ඇටකටු.. මේ ඇට කටු වලට මේ සීතල පොලොව යට සැතපෙන්නවත් ඉඩකඩක් නෑ .. එතරම්ම ශොචනීයයි .. හතර අතේ වැටුනු තැන්වල ..
කටු කම්බියෙන් බෙදා වෙන් කරන්න හදන මේ භූමිය රැකගන්න වරෙවු… සුද්දට එරෙහිව නැගිටින්න වරෙවු .. වරෙවු සිහලුනේ රැක ගනිවු අපේ භූමිය ..
බය වෙන්න නම් එපා මේ සමූහ මිනිස් ඝාතනයක් නම් නෙවෙයි ...

මේ ගීය ලියන්න පාදක වෙන්නෙ පැලවත්ත සීනි සමාගම රජය විසින් බහු ජාතික සමගමකට විකුනපු අවස්තාව ...
එක් වරම තේරුම් ගැනිමට අපහසු වුවත් රචකයා ඉතා සූක්ශමව ඔහුගේ දක්ෂතාව පිලිබිඹු කරමින් ව්යන්ගාර්තයෙන් ඉතාම වටිනා අදහසක් ඉතාම නිර්මානශීලීව ඉදිරිපත් කරනවා..
සුමදුර තනුව හා ගැඹුරු කටහඩ පසුබිම් අත්වැල් ගායනය ඉතා විශිශ්ට නිර්මානයක් හෙල කලා කෙතට දායාද කරනවා
ඔබේ පරිගණකයට ගීතය භාගත කරගෙන රස විඳීමට
ඔබේ පරිගණකයට ගීතය භාගත කරගෙන රස විඳීමට
No comments:
ලියන්න හිතෙන දේ..