මොර සුරන මහා වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
තරු පායන මල්පෙති පවනේ
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
මේ ගීතය පද රචනය , සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා... ගීතය ගායනා කරන්නේ නම් අල්හාජ් මොහිදීන් බෙග් මහතා .පද රචනය හා සංගීතය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් සදහන් කරන්න. මටත් මේ ගීතය මුලින්ම අසන්න ලැබුනේ බස් එකේ කොළඹ සිට අනුරාධපුරය බලා යන අවස්ථාවක අතරමගදී ගොඩවුන, ගීත කීපයක් ගායනා කරලා ජීවිතය ගැටගහගන්න අහිංසක, දුප්පත්, ජංගම ගයකයකුගෙන්. මම මේ ගීය මගේ ජංගම දුරකතනයේ රෙකොර්ඩ් කරගෙන ටිකක් මහන්සි වෙලා mp3 එක හොයාගත්තා. මීට අවුරුද්දකට දෙකකට විතර කලින් සොයාගත් ගීයක් නිසා හොයා ගත්තේ කොහෙන්ද කියල නම මට මතක නෑ...
මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
මොර සුරන මහා වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි . ඇත්තටම මේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න ක්‍රම ගොඩයි..
තරු පායන මල්පෙති පවනේ
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවා. මෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...
මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.
සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන්
ඇය නෑ දැන් මේ ගම්මානේ
මෙච්චර ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...
මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..
No comments:
ලියන්න හිතෙන දේ..