පත්තිරු

Showing posts with label විචාර. Show all posts

Tuesday, September 2, 2014

AK-56

ගාලු නගරයේ ප්‍රධාන පාසලක ඉගනුම ලැබූ මා පාසල් වෑන් රථ වලින් සමුගෙන 1999 වසර අග භාගයේ සිට 2004 -2005 ද අනතරුව 2007 මුල දකවා අකුරැස්ස ඩිපෝවේ AK-56 බස් රථයේ උදේ හවා ගාලු ගියේ ආවේ එකල රියදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්ගේ දෑතට පින්සිදුවන්නටය...සීසං පතේ පිහිටෙන්ය.....අප ඔවුන්ගෙන් සමුගත්තද අදටත් ඔවුන් තවත් දරු පරම්පරා කිහිපයකට උතුම් සේවය කැප කිරීම කරනු ලබන්නේ මාසික වැටුප් පත ගැන නොසිතාමය....ඔවුන්ගෙන් සේවය ලබා රටේ විවිධ තරාතිරම්වල නා නා විධ තනතුරු හොබවන බොහෝ දෙනා ඇත. ඔවුන් දන් විවිධ සමාජ මට්ටම් වලය... එහෙත් ඒ රියදුරු මහතුන්, කොන්දොස්තර මහතුන් වෙහෙසෙන කැපවෙන අයුරු දුටු විට ඇසට කදුළක් සිතට මහා ආත්මානුක්ම්පාවක් ඇතිවන්නේ ඔවුන්ගේ වෙහෙසට මහන්සියට උත්සාහයට කැපවීමට නිසි වටිනාකමක් ඔවුගේ වැටුපෙන් ලැබේද යන්න සිතන විටය.... අදටත් ඔවුන් හමු වූ විට ආදරයෙන් කතා බස් කරනුයේ එදා වූ ලෙන්ගතුකම හිතේ රදවාගෙනය....ඒ අතීත සුන්දර විය සිහිවනවිට හරිම චමත්කාර ජනකය...මේ ගීතය ඇසෙන වරක් පාසා ඒ අතීතයට නොදැනුවත්වම රැගෙන යයි...

උදෑසනම පොඩි අපි - දිව එනවා...
කොහේද සැඟවී - එළියට එනවා...//
උදේ පාන්දර - පාසැල් යන්නට...
බසයක් ඇවිදින් - කථා කරනවා...

දෙබර මුලක් ගල් වැදී - සැලෙන සේ...
එපා පුංචි ළමයිනි - පොර කන්නට...
පේලි ගැසී - බසයට නැග ගත්විට...
මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...
මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...

උදෑසනම පොඩි අපි - දිව එනවා...

මේ පොඩි බස් රිය - ඔබේය සිතලා...
කුරුටුගෑම හොද නැහැ - ඉරි ඇදලා...
අසුන් කඩා බිද දමා - නොයන්නේ...
ඔබේය මේ බස් රිය - රැක ගන්නේ...

උදෑසනම පොඩි අපි - දිව එනවා... 

ගීතය නරඹමු....

Saturday, August 23, 2014

සමනලයා සහ මල

හුග කාලෙකින් අයෙම බ්ලොග් එක පැත්තට ගෑටුවේඔය මක්ක හරි කොටලා යන්න හිතාගෙන...

ප්‍රධාන නගරයෙන්ඈතට වෙන්න පිහිටි පිටිසර ග්‍රාමීය ප්‍රදේශයක ලස්සන පොඩි කදු ගැටයක පුංචි දොලපාරක් අසල ලග ලග හැදුන පොඩි ගොඩනැගිලි කීපයක් එක්ක තිබුණු පුංචි සිංහල මිශ්‍ර පාසලක්... පොඩි කාලේ ඉදලම එකට වැලි සෙල්ලම් බත් උයපු , දුව පැන නටපු, අපූරු පුංචි යාළුවො ටික දැන් දැන් තාරුණ්‍යයේ දොරකොඩ.... සාම ලා අමර ලා තාම පොත්වල ....කාලය මැව් වෙනසක අරුමේ... මේ යාලුවෝ අතර හිටිය ලස්සන හුරතල් පුංචි ගෑනු ළමයා තමා අමා.... කාලයත් එක්ක ලස්සන වෙලා හැඩ වෙලා ප්‍රේම කුරුල්ලෝ ඉඟි බිගි කරන ආදරණීය කාලේ එළැඹිලා.... මේ යාලුවන්ගේ අතර හිටපු මාලන් දැන් ලස්සන හැඩකාර තරුණයෙක්... මාලන් , අමාගේ ලස්සන ගැන හුගක් ආදරෙන් ආසවෙන් ආඩම්බරෙන් හිටියේ කවදාක හරි අමා එයාගෙම කරගන්න... මේ අහිංසක කොලු ගැටයා එයාගේ හොදම යාළුවා වුනු අමාට එයාගේ ආදරේ කියාගන්න බැරිව දින සති ගණන් ගෙවෙනවා... මාලන් අමා ගැන කොච්චර උනන්දු වුනත් අමාට ගානක් වත් නෑ මාලන් ගැන..ඒත් මාලන් හුගක් බලාපොරොත්තුවෙන්... කොහොමින් කොහොම හරි අමා මාලන්ගෙන් ඈතට යනවා... මාලන් බොහොම දුකෙන්... අමා මාලන් ගැන හිතන්නෙවත් නෑ... එයාගේ හිතේ වෙන ලස්සන කඩවසම් තරුණයෙක්.. පුංචි අමාගේ හිත හොරාගෙන.... ඒ මලික්.. මලික් ටිකක් ආඩම්බරකාර එක විදියක තරුණයෙක්... හරියට සමනලයෙක් වගේ .. හැම මලකම රොන් බොනවා... ඒ කිසිත් නොදන්නා අමා මලික් පස්සෙමයි... අමා ගෙයි මලික් ගෙයි ආදර කතාව දිහා මාලන් දුකෙන් බලන් ඉන්නවා... ඉතින් ටික දවසකින් මලික් අමාව දාලා යන්න යනවා...යන්නම යනවා... ඒ හරියට සමනලයෙක් එක මලක පැණි බීලා වෙන මලකට යනවා වගේ... අමාට මුකුත් කරගන්න දෙයක් නෑ... එයාට පාර වැරදුන බව තේරුනේ එතකොට... ඒත් ඒ මොහෙතේදීත් මේ පරවුණ මල ළහ මාලන් ඉන්නවා... එයාගේ හිත හදනවා... එතරම්ම අවංක පිවිතුරු ආදරයක් අමා වෙනුවෙන් මාලන්ගේ...
ඒ අවංකත්වය අමාට දැන් තමා දැනෙන්නේ... එයා මාලන් ට දීපු දුක් මතක වෙනවා..තව හය්යෙන් අඩනවා.... ඒ ඔක්කොම කදුළු දරාගෙන එයාව අස්වසන්නේ මාලන්...
මාලන් හරියට පොඩි ළමයෙක් වගේ... අමා ලස්සන පුංචි මලක් වගේ...මලික් සමනලයෙක් වගේ..
ප්‍රේමකීර්ති ද අල්විස් පද රචනය කරපු සරත් ද අල්විස් පද රචනය කරපු එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ලයාන්විත හඬ මුසුවෙන් ජීවිතයේ අරුමය කියාදෙන මේ ගීය "සමනළයා මල හා ළමයා සේ..."

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා

සමනළයා මල හා ළමයා සේ...

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ

ජීවිතයේ අරුමේ ////

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ආයේ  මම අමුතුවෙන් ගීය විචාරය කරන්න ඕනේ නෑ නේ..... ලස්සන තේරුමක් හැංගිලා තියෙන සුන්දර ගීතයක්... ගීතය නරබන්න පහතින්...

Sunday, April 20, 2014

සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා......

 රාත්‍රී කාලය දිවා කාලයක් බවට පරිවර්තනය කල නවීනතාක්ෂණයේ මිනිසා සොබාවධර්මයාට අභියෝග එල්ල කරමින් බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගනය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කර ඇති මොහොතක,  සියක් ජාතියක, සියක් කෝටියක් ජනයාට,සියක් ආගමකට  අභියෝගයක් වූ මුතුකැටයේ සිංහ පැටවූ අද මේ ක්‍රි.වර්ෂ 2014 ක් වූ අප්‍රේල් මස  06 රාත්‍රියේ... මේ..සොදුරු ජයග්‍රාහී රාත්‍රියේ..විචිත්‍රවත් රාත්‍රියේ කෝටි සංඛ්‍යාත ජනයා අමන්දානන්දයට පත් කරමින් වසර 18කට පසු ඒ බලාපොරොත්තුවේ සිහිනය සිව් වතාවක් ගිලිහෙද්දී  මෙවර විජයග්‍රහණය කරන්නේ දැයට අභිමානයක් රටට ආඩම්බරයක් ගෙනෙමින් වර්ණවත් හයේ පහරකින් ලෝකයක් ඉදිරියේ මුතු ඇටයක් දිදුලවමින් ලසිත් මාලිංග ඇතුළු සිංහ කණ්ඩායම ඒ දැවැන්ත කුසලානය, 2014  T-20 ලෝක කුසලානය දිනා ගන්නා සුවිශේෂී මොහතයි... මා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුර මිතුරියනි....
(ඒ ඔබ මෙතෙක් වේලා සවන් දුන්නේ කදමල්ලේ විශේෂ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරයටයි..)

ඒ විශිෂ්ට සුවිශේෂී වීජයග්‍රහණයෙන් අනතුරුව ඒ විජයග්‍රහනයේ නියමුවාණන් එදින අවසන් T-20 තරගයට සහභාගී වූ සිරිලක් පුත් කුමාර් සංගක්කාර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා මාධ්‍ය හමුවේ කිවුවේ "මට වැඩියෙන්ම වටින්නේ ක්‍රිකට් සහ මගේ පවුල" කියල. එහෙම කියලා නිකන් ඉදියේ නෑ..සහෝදර ක්‍රීඩකයන්ගේ ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් සුභාසිංශන අතරේ පිටිය වටේ සහෝදර ක්‍රීඩකයන්ගේ කර මතින් යන ගමන් ක්‍රීඩකයන්ගේ ගේ පවුලේ උදවිය ඉන්න නැරබුම් කුටිය දෙසට හැරිලා දකුණත මිට මොලවලා හදවතට තට්ටු කරමින් නැරබුම් කුටිය වෙත අත දිගුකරමින් මොකක්දෝ සන් කළා.(ඒ මොහොතේ ජායාරූපය සොයා ගැනීමට වෙහෙස වුවත් සොයා ගැනීමට නොහැකිවීම දුකකි).. .....ටිකකින් කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සතුටු කදුළු වගුරවද්දී  මීර්පූර් ක්‍රීඩාංගනය මහා සංවේදී දසුනක ගිල්ලවමින් ඇය මේ අසහාය ක්‍රීඩකයාගේ තමාගේ ආදරණීය ස්වාමියාගේ තම දරුවන්ගේ තාත්තව බදාගෙන දෙතොල් සිප වැලද ගත්තේ “සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා......”    ඒ අවස්තාව තරම් මේ සින්දුවට ගැලපෙන කිසිම සංවේදී අවස්තාවක් මීට පෙර දැකලා දැනිලා නැහැ මට. 

ඒ ආදරණීය මොහොත නැරබීමට (08.10)

ඒ අපූරු ගීතය තමා කදමල්ලේ දිගහැරෙන්නේ...
ටී.එම් ජයරත්න නමැති විශිෂ්ට ගායන ශිල්පියාගේ සුන්දර හඩින් ගායනා වෙන මේ ගීතය රචනා කරලා තියෙන්නේ කන්දේවත්තේ ඒ .ජී. ශීලා...සංගීතය එකතු කලේ සරත් දසනායක 

දුකේදී හැඩුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉදන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියේ නුඹයි ඒ අම්මා
දෙදෙනෙක් එක්ක එකතුව ජීවිතයක් ගෙනියනවා කියන්නේ හරිම වැදගත් , හරිම අවබෝධයෙන් යුක්තව වෙන්න ඕනදෙයක් ආසන්න වශයෙන් අවුරුදු 25ක් 30ක් විතර වෙන් වෙන්ව ජීවත්වෙලා තමන් ගැනම හිතමින් ජීවත් වෙලා එක වහලක සෙවනට ආවම එහෙම “මම” කියන මානසිකත්වයෙන් හිතන්න බෑ..එදා ඉදන් “අපි” කියන තැන ඉදගෙන තමා හිතන්න පතන්න වෙන්නේ... එහෙම හිතන බිරිදක් ලබන්න සැමියෙක්, සැමියෙක් ලබන්න බිරිදක් පින් කරලා තියෙන්න ඕන. ජීවත් වෙනවා , ජීවිතේ ගෙනියනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමේ... දුක-සැප යස-යස නින්දා-ප්‍රශංසා ලාභ අලාභ මේ ඔක්කොම ජීවන ගමන්මග ඇතුලේ තියෙනවා...දුකක් උනාම තමා දන්නේ අන්තිමට ලග ඉන්නේ ජීවත්ව ඉන්න අම්මා විතරයි කියලා...
ඒකයි ගුණදාස කපුගේ කියන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න ලියන්නේ “බිරිදකගේ සෙනේ ගියා යෝධ ඇලේ නැම්මේ ..ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ....මං එනතුරු ඉඳිකඩ ලග ඉන්නවාද අම්මේ කියලා” එහෙම චපල බිරින්දෑවරු ඉන්න කාලෙක මේ වගේ බිරිදක් ඉදීම තවත් අම්මා  කෙනෙක් ලග ඉන්නවා වගේ තැනගේ ජීවන මගේ සහකාරිය තමා ඒ අම්මාට සමාන කරන්නේ...බොහෝ සාර්ථක මිනිසුන් පිටුපස ඉගෙන ලොවට නොපෙනෙනා අනන්ත කාර්යභාරයක් ඉටු කරන්නේ යහපත් බිරිදක්...

අහස මෙන් ලත් චෝදනා
පොලොව මෙන් දුක් උහුලනා 
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
සොඳුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා
තමන්ගේ මනුස්සයා ගැන විවිධාකාරයේ චෝදනා අහසක් තරමට එද්දී පොලොව වගේ ඒවා උහුලාගෙන ඉදියේ ඇය. බොහෝ විට කොන්ද කෙලින් තියන් අවංකව ඉන්න කෙනෙකුට හතුරෝ වැඩියි. එන ගැරහුම් ගල් මුල් වැඩි. ඒවා උහුලාගෙන දුක සැප බෙදාගෙන ලගඉදපු ඇය ගැන ඇතිවෙන්නේ තමාව මෙලොවට බිහිකරලා හැදු වැදු මව් කෙරේ ඇතිවෙන සෙනෙහස ආදරය වගේ සමාන හැගීමක්...ඒ සෙනෙහස ඇති මට මේ ලෝකේ රජෙක් වගේ ඔටුනු පලන් ඉන්න.

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ

මෙතරම් තමන්ට වාසනාව සිතට සැනසුම ගෙනෙන ඇය වෙනුවෙන් මට මේලෝකේ මොනවද කරන්න බැරි....ආදරයේ උතුම්ම සැමරුම ටජ්මහල සජාන් රජු හැදුවේ යමුනා ගං තීරයේ... මහාචාර්ය  සනත් නන්දසිරි මහතා “නිමාකලෙමි සිහිවටනය යමුනා තීරේ” කියන්නෙත් ඔය වෙනුවෙන්ම තමා ... මම ඇය වෙනුවෙන් හදන්නේ පිවිතුරු සෙනෙහසේ ගංගා තීරේ....සෙනෙහසේ ගංගාව ගලන්නේ ලේ මස් ඇට නහර දිගේ...ඒ ගගේ ගං තීරේ  තමා හදවත ...හදවත නමැති ගං තීරේ හදන මාලිගාව තමා ටජ්මහල.. ඒ ටජ්මහල ඇතුලේ සොදුරියේ ඔබගේ රුව අඹනවා ආදරයේ නාමයෙන්...

ගීතය විදීමට හා භාගත කර ගැනීමට.

තාත්තා වුනත් මා බත සරි කරන

තවත් අපූරු ගීතයක් තමයි අද අරගෙන ආවේ.. ඉතාම සංවේදී හැගුම් දනවන සුන්දර ගීතයක්... ගීතය ගායනා කරන්නේ යුගයේ ගාන්ධර්වයාණන් පණ්ඩිත් ඩබ්ලියු. ඩී. අමරදේව ශූරීන්. අර්ථාන්විත ගී පැබදුම මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීත සුසංයෝජනය රෝහණ වීරසිංහයන්... බිරිඳක් වෙනුවෙන් සැමියකු ගයන ආදරණීය ගීතයක්.....

තාත්තා වුනත් මා බත සරි කරන
මම කොච්චර හම්බ කරලා දුන්නත්, හම්බ කලත් වැඩක් නෑ... මගේ හම්බ කිරීම තමා මගේ දරු පැටවූ ටික රටේ සමාජයේ හොද තැනකට ගෙනෙන එක. එක ඕනෑම තාත්තා කෙනෙක්ගේ එකම පැතුම හා අධිෂ්ඨානය. නමුත් ඒ පැතුම වෙනුවෙන් මම 80%කම වගේ කරන්නේ හම්බ කරලා දෙන එක ඔයාල වෙනුවෙන්..තම පවුල වෙනුවෙන්...
අම්මා නුබයි මගෙ දරු දැරියන් රකින
මගේ පැතුම අධිෂ්ඨානය , පැතුම මල්පල ගන්නවන කපිතාන් වරිය ඔබයි. සිංහල සමාජය තුල මහත්තයා විතරක් වැඩ කරපු ජොබ් කරපු කාලයේ ලියවුන පද නිසා කොහොමත් ගැලපෙනවා ඒ කාලේ. දැන් කාලේ නම් මේක වෙනස් “[ අම්මා තාත්තා වුනත් අපි බත සරි කරන- ආච්චී සීයා නුබයි අපේ දරු දැරියන් රකින]”

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
ප්‍රේම කරන කාලේ මන් ගැන තිබූ , පෙන්නපු, දක්වපු ප්‍රේමය දැන් ඔක්කොම දරු කැලට දීලා “එක තමා නිමල් ගුණසේකර කියන්නේ --- පුංචි පුතා අපේ ලොවට පැමිණි දා මව් පදවිය ලබලා - මා අමතක කර සුරතල් බැලුවේ කිමද කියන් ළඳුනේ--මට නොවෙයි ඔබ ආදරේ කලේ මගෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරේ කලේ.” කියලා..
දයාරත්න රණතුංග කියන්නේ  “පුංචි පුතේ නුඹ ආ දා අම්මි හුගක් වෙනස් වෙලා - ඉස්සර වගේ බොලද වදන් දැන් කියන්නේ නෑ...”
හැබැයි ඒ නොලැබෙන සෙනෙහස ගැන මතක් වුනත් ඒ ගැන අබමල් රේණුවකවත් දුකක් වේදනාවක් නැත්තේ ඒ ඔක්කොම තමාගේ ලෙයින් උපන් දරුවන් වෙනුවෙන් පුදන නිසා....
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඇත්තටම අම්මෙකුට රැයක් දවාලක් නෑ... පුංචි බිලිදෙක් ඉන්නවානම් රෑට නිදාගන්න වෙන්නේ පැයක් දෙකක් වගේ තමා...එත් අම්මට එක දුකක් නෙමේ... දිවුල්ගනේ මහත්මයා කියන්නේ “ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා” කියලා
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
ජීවිතේ කවදාවත් මෙච්චර ආදරයක් දැනිලා නෑ....සෙනෙහසක් දයාබරත්වයක්  කරුණාවක් ඔයා දැකපු මුල් දවසේවත් දැනිලා නෑ...එතරම්ම හැගීමක් දැනෙන්නේ දවසේ වැඩ අහවර කරලා හවස ලාම්පු අදුරේ ඇදේ දිගාදිල තම බිරිද දිහා බලාගෙන ඉන්න ගමන්- සමහර  විට ඇය දරුවන්ට විවිධ කතන්දර කවි  කියමින්  නිදිකරවන්න්න උත්සාහ කරමින්  ඉන්නවා වෙන්න පුළුවන්...
උතුරයි මසිත තව නුබ වෙත තුරුළු වෙමින්
ඒ නැගුන ප්‍රේමයෙන් සිත උතුරනවා....කිසිම රාගමිශ්‍රිත හැගීමකින් නොවේ ඇය කෙරෙහි උපන් භක්ති ආදරයකින්...ඒ හැගීමෙන්ම ඇයට සිතින් තුරුළු වෙනවා...

බැති බර හැගුම් දනවන නුඹගේ සුවද
ඒ තුරුළු වීමෙන් දැනෙන්නේ බැතිබර හැගීමක් මිසක රාගයක් නෙමේ.... එතරම්ම මල් සුවදක් තමා ඇගෙන් දැනෙන්නේ...
 අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබද
පුංචි කිරි කැටියගෙන් එන බිලිඳු සුවදයි ඇය කෙරෙන් දෙන සුවදයි සමානයි....එතරම්ම ආදරයක් භක්තියකින් ඇය දරුවාව රකිනවා....
අම්මා කෙනෙකු මිස නුබ මගෙ බිරිද ලෙස

නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සද
මේ දරුවන්වත් රැක බලා ගන්නා අතරේම වෙහෙස මහන්සි වී පැමිණි තම දරුවන්ගේ පියා ගැනත් ඇය බලනවා...මහන්සිය නිවෙන්න හිස පිරිමදිනවා.... සිඹිනවා... ඉස්සර දැනුන හැගීමක් නෙමේ දැන් දැනෙන්නේ...තමන්ගේ අම්මා හිස අතගානවා වගේ ඉතාමත් පිරිසිදු ආදරණීය හැගීමක්...
ඇය එතරම්ම්ම කැප කිරීමක් කරනවා අයගේ දරුවන් සහ ස්වාමියා වෙනුවෙන්...එහෙව් බිරිදක් කෙරේ සුන්දර භක්තිමය ආදරයක් ඇති නොවන්නේ මොන තාත්තටද?මොන ස්වාමියාටද? එහෙම ආදරයක් ඇති නොවනවානම් ඇති කරගන්න උත්සාහ නොකරනවා නම් මෙවැනි බිරිදක් කෙරේ එයත් පවකි... 

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුබයි මගෙ දරු දැරියන් රකින

 මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුබ වෙත තුරුළු වෙමින්

 බැති බර හැගුම් දනවන නුඹගේ සුවද
 අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුබ මගෙ බිරිද ලෙස
නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සද

ගීතය නැරබීමට.......

ගීතය රස විදීමට හා භාගත කර ගැනීමට.

Friday, April 18, 2014

සොඳුර නුඹ මට මව් වෙයන්

බොහොම කාලයකට පසුව තමයි බ්ලොගය අප්ඩේට් කරන්න අවස්තාව ලැබුනේ... මෙතෙක් කල් එන්නට නොහැකිවීම ගැන නම් කනගාටුයි. ඉදිරියේදී දිගට ලියන්න හිතාගෙන ඉන්නවා... හිතට දැනෙන තේරෙන දෙ බෙදා හදා ගන්න ලියන්න හිතුනේ අපූරු ගීතයක් ගැන...එක හරිම සංවේදී සුන්දර ගීතයක්..බොහෝ විට දරුවන් නැති යුවලක, පිරිමියා විසින් ඇගේ බිරිද ගැන ගයන පතන පැතුමන් අරභයා ලියවුන ගීතයක්. රචකයා දෙස බැලුවත් බොහෝ විට ඔහුට හුගක් සමීප අදහසක් වෙන්නත් පුළුවන්...

සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
මේ අවස්ථාවේදී මෙහෙම කියන්නේ බැදපු අලුත වෙන්න බෑ... ඊ ලග භව හා ආත්ම ගැන හිතෙන්නේ ඉතින් ටිකක් වයස යන්න ඕනි නේ...නැතත් කාලයක් ගිහින් ඇගේ වටිනාකම දැනෙන්න ඕන...
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
ඒ කියන්නේ බිරිදට දුක් දීලා තියෙනවා. ඒ කාලේ නොතේරුණත් දැන් එක තේරෙනවා...ඒ පරාජිත හැගුමෙන් තමා කියන්නේ...
නිවාලන්නට පව් ගෙවන්නට…
ඒ දීපු දුක් පවක් කියලා එයාට වැටහෙනවා... ඒ පවු ගෙවන්න ඉතුරු ජීවිත කාලේ මදි... මතු ආත්මේ මගේ මව් වෙයන්....එතකොට ඒ අම්මා වෙනුවෙන් සැලකුම් සහ මේ බිරිද වෙනුවෙන් සැලකුම් දෙකම ගෙවන්නම්...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී…
ඇත්තටම යහපත් බිරිදකගෙන ඕනෑම සැමියෙක් බලාපොරොත්තු වෙන්නේ ඒකම තමා... තමා ලග ඉදීම.. ඒ දුක් උහුලන්න ශක්තියක් වීම...වැරදුන වෙලාවට ලග ඉතුරු වෙන්නේ පණනල විතරයි අන්න ඒ වගේ තමා ඔයත් ලග ඉදියේ...ඔතනදි බිරිද මමත්වයේ ඉගෙන “තමුසෙගෙ පව් වලට මට කරගහන්න බෑ” කියලා පැත්තකට වුනා නම් සමහර විට ඔය මනුස්සයා අද වෙනකම් නොයින්නත් තිබුනා.. උරුලාවගේ පැටවූ උරුලෑ අම්මට වටිනවා වගේ තමා තමාගේ මනුස්සයා ලග ඉන්නේ...දුකේදී ලග ඉදපු නිසා තමයි සැපේදී ලග ඉන්න පුළුවන් වෙන්නෙත්....
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
ආයෙම නැවත නැවත කියන්නෙත් තමන්ගෙන් බිරිදට ලොකු අසාධාරණයක් වුන වග තමන්ට දැන් තේරෙන නිසයි...

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට…
මෙතන හදට දුක් ගිනි කිසිත් නොම දී කියන පදයෙන් හැගෙනවා ගැහැණියකගේ හද කකියවන්න්නට පාරවන්නට ගිනි ගන්නට වෙන්නේ මේ මනුස්සයා වෙන ගැහැණියකගේ  පහස සොයා ගිය නිසා වත්ද? එහෙම වෙන්න බැරි කමකුත් නැහැ මොකද ඔවුන්ට දරුවන් නැති වීම නිසා. එහෙම නම් යට දැනෙන උහුලන වේදනාව තව ත්‍රීව වෙනවා...ඒ අම්මගේ පුතෙක් වුනාම වෙන කාන්තාවක් නිසා ඇතිවන "පරස්ත්‍රී" දුක් ගින්න කොහොමත් ඇති වෙන්නේ නෑ... නොගැලපෙන කසාදයක් නොකරගන්නකන්... නුබ රකින්නට කියන්නේ තාත්තා නිසා වත් එහෙම දෙයක් දැනෙන්නේ දෙන්නේ නෑ කියන එක වෙන්න ඕන...

 ප්‍රවීණ රංගධර ගාමිණි ෆොන්සේකා ලියු අතලොස්සක් ගී අතරින් එකකි.
***********************************************************************

සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට…

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී…
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට…
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ…

ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
 
http://goo.gl/mBt5tPhttp://goo.gl/O95Wtq

ගීතය විදීමට : http://www.youtube.com/watch?v=pEvWDhku2UA

Sunday, July 29, 2012

මොර සුරන මහා වරුසාවේ

මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

මේ  ගීතය පද රචනය , සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා... ගීතය ගායනා කරන්නේ නම් අල්හාජ් මොහිදීන් බෙග් මහතා .පද රචනය හා සංගීතය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් සදහන් කරන්න. මටත් මේ ගීතය මුලින්ම අසන්න ලැබුනේ බස් එකේ කොළඹ සිට අනුරාධපුරය බලා යන අවස්ථාවක අතරමගදී ගොඩවුන, ගීත කීපයක් ගායනා කරලා ජීවිතය ගැටගහගන්න අහිංසක, දුප්පත්, ජංගම ගයකයකුගෙන්. මම මේ ගීය මගේ ජංගම දුරකතනයේ රෙකොර්ඩ් කරගෙන ටිකක් මහන්සි වෙලා mp3 එක හොයාගත්තා. මීට අවුරුද්දකට දෙකකට විතර කලින් සොයාගත් ගීයක් නිසා හොයා ගත්තේ කොහෙන්ද කියල නම මට මතක නෑ...

මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ
රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ  එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි . ඇත්තටම මේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ  රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න  ක්‍රම ගොඩයි..

තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවා. මෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...

මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

මෙච්චර  ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...

මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..