පත්තිරු

Sunday, April 20, 2014

තාත්තා වුනත් මා බත සරි කරන

තවත් අපූරු ගීතයක් තමයි අද අරගෙන ආවේ.. ඉතාම සංවේදී හැගුම් දනවන සුන්දර ගීතයක්... ගීතය ගායනා කරන්නේ යුගයේ ගාන්ධර්වයාණන් පණ්ඩිත් ඩබ්ලියු. ඩී. අමරදේව ශූරීන්. අර්ථාන්විත ගී පැබදුම මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීත සුසංයෝජනය රෝහණ වීරසිංහයන්... බිරිඳක් වෙනුවෙන් සැමියකු ගයන ආදරණීය ගීතයක්.....

තාත්තා වුනත් මා බත සරි කරන
මම කොච්චර හම්බ කරලා දුන්නත්, හම්බ කලත් වැඩක් නෑ... මගේ හම්බ කිරීම තමා මගේ දරු පැටවූ ටික රටේ සමාජයේ හොද තැනකට ගෙනෙන එක. එක ඕනෑම තාත්තා කෙනෙක්ගේ එකම පැතුම හා අධිෂ්ඨානය. නමුත් ඒ පැතුම වෙනුවෙන් මම 80%කම වගේ කරන්නේ හම්බ කරලා දෙන එක ඔයාල වෙනුවෙන්..තම පවුල වෙනුවෙන්...
අම්මා නුබයි මගෙ දරු දැරියන් රකින
මගේ පැතුම අධිෂ්ඨානය , පැතුම මල්පල ගන්නවන කපිතාන් වරිය ඔබයි. සිංහල සමාජය තුල මහත්තයා විතරක් වැඩ කරපු ජොබ් කරපු කාලයේ ලියවුන පද නිසා කොහොමත් ගැලපෙනවා ඒ කාලේ. දැන් කාලේ නම් මේක වෙනස් “[ අම්මා තාත්තා වුනත් අපි බත සරි කරන- ආච්චී සීයා නුබයි අපේ දරු දැරියන් රකින]”

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
ප්‍රේම කරන කාලේ මන් ගැන තිබූ , පෙන්නපු, දක්වපු ප්‍රේමය දැන් ඔක්කොම දරු කැලට දීලා “එක තමා නිමල් ගුණසේකර කියන්නේ --- පුංචි පුතා අපේ ලොවට පැමිණි දා මව් පදවිය ලබලා - මා අමතක කර සුරතල් බැලුවේ කිමද කියන් ළඳුනේ--මට නොවෙයි ඔබ ආදරේ කලේ මගෙන් ලද ආදරයට පමණයි ඔබ ආදරේ කලේ.” කියලා..
දයාරත්න රණතුංග කියන්නේ  “පුංචි පුතේ නුඹ ආ දා අම්මි හුගක් වෙනස් වෙලා - ඉස්සර වගේ බොලද වදන් දැන් කියන්නේ නෑ...”
හැබැයි ඒ නොලැබෙන සෙනෙහස ගැන මතක් වුනත් ඒ ගැන අබමල් රේණුවකවත් දුකක් වේදනාවක් නැත්තේ ඒ ඔක්කොම තමාගේ ලෙයින් උපන් දරුවන් වෙනුවෙන් පුදන නිසා....
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඇත්තටම අම්මෙකුට රැයක් දවාලක් නෑ... පුංචි බිලිදෙක් ඉන්නවානම් රෑට නිදාගන්න වෙන්නේ පැයක් දෙකක් වගේ තමා...එත් අම්මට එක දුකක් නෙමේ... දිවුල්ගනේ මහත්මයා කියන්නේ “ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා” කියලා
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
ජීවිතේ කවදාවත් මෙච්චර ආදරයක් දැනිලා නෑ....සෙනෙහසක් දයාබරත්වයක්  කරුණාවක් ඔයා දැකපු මුල් දවසේවත් දැනිලා නෑ...එතරම්ම හැගීමක් දැනෙන්නේ දවසේ වැඩ අහවර කරලා හවස ලාම්පු අදුරේ ඇදේ දිගාදිල තම බිරිද දිහා බලාගෙන ඉන්න ගමන්- සමහර  විට ඇය දරුවන්ට විවිධ කතන්දර කවි  කියමින්  නිදිකරවන්න්න උත්සාහ කරමින්  ඉන්නවා වෙන්න පුළුවන්...
උතුරයි මසිත තව නුබ වෙත තුරුළු වෙමින්
ඒ නැගුන ප්‍රේමයෙන් සිත උතුරනවා....කිසිම රාගමිශ්‍රිත හැගීමකින් නොවේ ඇය කෙරෙහි උපන් භක්ති ආදරයකින්...ඒ හැගීමෙන්ම ඇයට සිතින් තුරුළු වෙනවා...

බැති බර හැගුම් දනවන නුඹගේ සුවද
ඒ තුරුළු වීමෙන් දැනෙන්නේ බැතිබර හැගීමක් මිසක රාගයක් නෙමේ.... එතරම්ම මල් සුවදක් තමා ඇගෙන් දැනෙන්නේ...
 අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබද
පුංචි කිරි කැටියගෙන් එන බිලිඳු සුවදයි ඇය කෙරෙන් දෙන සුවදයි සමානයි....එතරම්ම ආදරයක් භක්තියකින් ඇය දරුවාව රකිනවා....
අම්මා කෙනෙකු මිස නුබ මගෙ බිරිද ලෙස

නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සද
මේ දරුවන්වත් රැක බලා ගන්නා අතරේම වෙහෙස මහන්සි වී පැමිණි තම දරුවන්ගේ පියා ගැනත් ඇය බලනවා...මහන්සිය නිවෙන්න හිස පිරිමදිනවා.... සිඹිනවා... ඉස්සර දැනුන හැගීමක් නෙමේ දැන් දැනෙන්නේ...තමන්ගේ අම්මා හිස අතගානවා වගේ ඉතාමත් පිරිසිදු ආදරණීය හැගීමක්...
ඇය එතරම්ම්ම කැප කිරීමක් කරනවා අයගේ දරුවන් සහ ස්වාමියා වෙනුවෙන්...එහෙව් බිරිදක් කෙරේ සුන්දර භක්තිමය ආදරයක් ඇති නොවන්නේ මොන තාත්තටද?මොන ස්වාමියාටද? එහෙම ආදරයක් ඇති නොවනවානම් ඇති කරගන්න උත්සාහ නොකරනවා නම් මෙවැනි බිරිදක් කෙරේ එයත් පවකි... 

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුබයි මගෙ දරු දැරියන් රකින

 මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුබ වෙත තුරුළු වෙමින්

 බැති බර හැගුම් දනවන නුඹගේ සුවද
 අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුබ මගෙ බිරිද ලෙස
නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සද

ගීතය නැරබීමට.......

ගීතය රස විදීමට හා භාගත කර ගැනීමට.

No comments:

ලියන්න හිතෙන දේ..