පත්තිරු

Friday, April 18, 2014

සොඳුර නුඹ මට මව් වෙයන්

බොහොම කාලයකට පසුව තමයි බ්ලොගය අප්ඩේට් කරන්න අවස්තාව ලැබුනේ... මෙතෙක් කල් එන්නට නොහැකිවීම ගැන නම් කනගාටුයි. ඉදිරියේදී දිගට ලියන්න හිතාගෙන ඉන්නවා... හිතට දැනෙන තේරෙන දෙ බෙදා හදා ගන්න ලියන්න හිතුනේ අපූරු ගීතයක් ගැන...එක හරිම සංවේදී සුන්දර ගීතයක්..බොහෝ විට දරුවන් නැති යුවලක, පිරිමියා විසින් ඇගේ බිරිද ගැන ගයන පතන පැතුමන් අරභයා ලියවුන ගීතයක්. රචකයා දෙස බැලුවත් බොහෝ විට ඔහුට හුගක් සමීප අදහසක් වෙන්නත් පුළුවන්...

සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
මේ අවස්ථාවේදී මෙහෙම කියන්නේ බැදපු අලුත වෙන්න බෑ... ඊ ලග භව හා ආත්ම ගැන හිතෙන්නේ ඉතින් ටිකක් වයස යන්න ඕනි නේ...නැතත් කාලයක් ගිහින් ඇගේ වටිනාකම දැනෙන්න ඕන...
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
ඒ කියන්නේ බිරිදට දුක් දීලා තියෙනවා. ඒ කාලේ නොතේරුණත් දැන් එක තේරෙනවා...ඒ පරාජිත හැගුමෙන් තමා කියන්නේ...
නිවාලන්නට පව් ගෙවන්නට
ඒ දීපු දුක් පවක් කියලා එයාට වැටහෙනවා... ඒ පවු ගෙවන්න ඉතුරු ජීවිත කාලේ මදි... මතු ආත්මේ මගේ මව් වෙයන්....එතකොට ඒ අම්මා වෙනුවෙන් සැලකුම් සහ මේ බිරිද වෙනුවෙන් සැලකුම් දෙකම ගෙවන්නම්...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී
ඇත්තටම යහපත් බිරිදකගෙන ඕනෑම සැමියෙක් බලාපොරොත්තු වෙන්නේ ඒකම තමා... තමා ලග ඉදීම.. ඒ දුක් උහුලන්න ශක්තියක් වීම...වැරදුන වෙලාවට ලග ඉතුරු වෙන්නේ පණනල විතරයි අන්න ඒ වගේ තමා ඔයත් ලග ඉදියේ...ඔතනදි බිරිද මමත්වයේ ඉගෙන “තමුසෙගෙ පව් වලට මට කරගහන්න බෑ” කියලා පැත්තකට වුනා නම් සමහර විට ඔය මනුස්සයා අද වෙනකම් නොයින්නත් තිබුනා.. උරුලාවගේ පැටවූ උරුලෑ අම්මට වටිනවා වගේ තමා තමාගේ මනුස්සයා ලග ඉන්නේ...දුකේදී ලග ඉදපු නිසා තමයි සැපේදී ලග ඉන්න පුළුවන් වෙන්නෙත්....
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
ආයෙම නැවත නැවත කියන්නෙත් තමන්ගෙන් බිරිදට ලොකු අසාධාරණයක් වුන වග තමන්ට දැන් තේරෙන නිසයි...

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට
මෙතන හදට දුක් ගිනි කිසිත් නොම දී කියන පදයෙන් හැගෙනවා ගැහැණියකගේ හද කකියවන්න්නට පාරවන්නට ගිනි ගන්නට වෙන්නේ මේ මනුස්සයා වෙන ගැහැණියකගේ  පහස සොයා ගිය නිසා වත්ද? එහෙම වෙන්න බැරි කමකුත් නැහැ මොකද ඔවුන්ට දරුවන් නැති වීම නිසා. එහෙම නම් යට දැනෙන උහුලන වේදනාව තව ත්‍රීව වෙනවා...ඒ අම්මගේ පුතෙක් වුනාම වෙන කාන්තාවක් නිසා ඇතිවන "පරස්ත්‍රී" දුක් ගින්න කොහොමත් ඇති වෙන්නේ නෑ... නොගැලපෙන කසාදයක් නොකරගන්නකන්... නුබ රකින්නට කියන්නේ තාත්තා නිසා වත් එහෙම දෙයක් දැනෙන්නේ දෙන්නේ නෑ කියන එක වෙන්න ඕන...

 ප්‍රවීණ රංගධර ගාමිණි ෆොන්සේකා ලියු අතලොස්සක් ගී අතරින් එකකි.
***********************************************************************

සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ලඟ ‍රැදී
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ

හදට දුක් ගිනි කිසිත් නොමදී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ

ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
 
http://goo.gl/mBt5tPhttp://goo.gl/O95Wtq

ගීතය විදීමට : http://www.youtube.com/watch?v=pEvWDhku2UA

No comments:

ලියන්න හිතෙන දේ..