පත්තිරු

Tuesday, September 2, 2014

AK-56

ගාලු නගරයේ ප්‍රධාන පාසලක ඉගනුම ලැබූ මා පාසල් වෑන් රථ වලින් සමුගෙන 1999 වසර අග භාගයේ සිට 2004 -2005 ද අනතරුව 2007 මුල දකවා අකුරැස්ස ඩිපෝවේ AK-56 බස් රථයේ උදේ හවා ගාලු ගියේ ආවේ එකල රියදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්ගේ දෑතට පින්සිදුවන්නටය...සීසං පතේ පිහිටෙන්ය.....අප ඔවුන්ගෙන් සමුගත්තද අදටත් ඔවුන් තවත් දරු පරම්පරා කිහිපයකට උතුම් සේවය කැප කිරීම කරනු ලබන්නේ මාසික වැටුප් පත ගැන නොසිතාමය....ඔවුන්ගෙන් සේවය ලබා රටේ විවිධ තරාතිරම්වල නා නා විධ තනතුරු හොබවන බොහෝ දෙනා ඇත. ඔවුන් දන් විවිධ සමාජ මට්ටම් වලය... එහෙත් ඒ රියදුරු මහතුන්, කොන්දොස්තර මහතුන් වෙහෙසෙන කැපවෙන අයුරු දුටු විට ඇසට කදුළක් සිතට මහා ආත්මානුක්ම්පාවක් ඇතිවන්නේ ඔවුන්ගේ වෙහෙසට මහන්සියට උත්සාහයට කැපවීමට නිසි වටිනාකමක් ඔවුගේ වැටුපෙන් ලැබේද යන්න සිතන විටය.... අදටත් ඔවුන් හමු වූ විට ආදරයෙන් කතා බස් කරනුයේ එදා වූ ලෙන්ගතුකම හිතේ රදවාගෙනය....ඒ අතීත සුන්දර විය සිහිවනවිට හරිම චමත්කාර ජනකය...මේ ගීතය ඇසෙන වරක් පාසා ඒ අතීතයට නොදැනුවත්වම රැගෙන යයි...

උදෑසනම පොඩි අපි - දිව එනවා...
කොහේද සැඟවී - එළියට එනවා...//
උදේ පාන්දර - පාසැල් යන්නට...
බසයක් ඇවිදින් - කථා කරනවා...

දෙබර මුලක් ගල් වැදී - සැලෙන සේ...
එපා පුංචි ළමයිනි - පොර කන්නට...
පේලි ගැසී - බසයට නැග ගත්විට...
මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...
මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...

උදෑසනම පොඩි අපි - දිව එනවා...

මේ පොඩි බස් රිය - ඔබේය සිතලා...
කුරුටුගෑම හොද නැහැ - ඉරි ඇදලා...
අසුන් කඩා බිද දමා - නොයන්නේ...
ඔබේය මේ බස් රිය - රැක ගන්නේ...

උදෑසනම පොඩි අපි - දිව එනවා... 

ගීතය නරඹමු....

No comments:

ලියන්න හිතෙන දේ..