පත්තිරු

Sunday, August 24, 2014

ඉරට හැතැම්මයයි...

ඉරට හැතැම්මයයි... කියපු වෙළද දැන්වීම නම් හරියටම හරි වෙන්න ඕන... ලෝක ලයිට් එක උපරිම ක්ෂ්මතාවයෙන් දැල්වුන කාලය... ඉතිරි වුන ගස්කොලන් ටික මැලවිලාම ගිහින්.... ස්භාවධර්මයා , ස්භාවධර්මයාටම අභියෝග කරනවා... "හා..හොදයි හැප්පිලා බලමු එහෙනම් " කියන්නා වගේ.ශක්තිවන්තයා ජයගන්නවා..ඒ සොභාදහම් නීතිය... පිළිකන්න හැර පොලොව තෙමුන තැනක් හොයාගන්නවත් නෑ... පුරන් වුන කුබුරු කරවෙලාම ගිහින්..වීකරල් උහුලාගෙන ඉන්න ගොයමත් එහෙමයි... මී හරක් මඩ නාපු වතුර වලවල් කරවෙලම ගිහින්... දහ අතේ පොලොව පැලිලා ගිහින්... ගොවි හිත හූල්ලනවා...තම වගාවන් අළුවෙයි කියල... තේ දළු වේලිලම ගිහින්...පොලොව පසාරු වෙන්න හෙලන උදලු තල පාර අයෙම වේගයෙන් පොලා පනින්නේ රබර් කොට්ට්ටයකට ගහපු වගේ... ඒ තරමටම පොලොව කරකුට්ටන් වෙලා...කැරකෙන රිය-සක් මතින් දූලි වලා දොරේ ගලනවා...‌ පහුගිය දවස් පුරාවට තිබුනේ එහෙම කාලගුණයක්... වෙලාවකට හිතෙනවා අහසත් ඉරිතලයිද කියල....මතක වෙන්නේ අමරසිරි පීරිස් මහත්තයගේ ගීයක මුල් පද පෙළ “ ඉරි තැලුණු වලා උඩුවියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ...”
හැමගේම බලොඅපොරොත්තු ඉටු වන දවස උදා වුනා...මහ දවල් පිච්චෙන්න මුදුන් වුන ඉරු කිරණ ඉර හැරෙනවත් එක්කම අඩු උනා... හාත්පස අදුරු වුනා... හැමෝගෙම සිත් ප්‍රබෝදමත් වුන...බලපොරොත්තු දෑස් දල්වුනා.. හරියට “ලගාන්” චිත්‍රපටියේ එක්තරා ජවනිකාවක් මතක් වෙනවා....හැමෝම දෑස් දල්වාගෙන අහස දෙසට යදිනවා...ලස්සන ගී පද මිමුනුනා... “අලුත් වැස්සක් වහින්නට සැරසේ...පුරුදු ආකාසේ....” පුංචි පිනිකැට එක දෙක පොලොව සිප ගන්නවා... නාස්පුඩු ඉස්මොළ කාරගෙන යන අමුතුම සුවදක් දසත පැතිරෙනවා.....ඒ දූවිලි සුවද... අපූරු විදීමක්... හැමෝටම සතුටු හිතෙන හෝරාවක්.... කොළ අගින් වැටෙන දියබිදු දුඹුරුම දුඹුරු පාටයි... දූවිල්ලෙන් වෙලාගෙන තිබූ ගහකොළ හේදිලා කොළපාටින් බැබලෙන්න පටන් ගන්නවා... 

එත් හැමෝම සතුටු වුනත් දුක හිතෙන අයත් ඉන්නවා... ඒ තමන්ගේ ආදරණීය බලාපොරොත්තු ඉටු කරගන්න නොහැකි වේ යයි බියෙන..එහෙම හිතුන දෙයක් එකතරා යුගයක එකතරා දවසක පන්හිදකින් මෙහෙම ලිය වුනා.. ඒ අපූරු මිනිසෙක් අතින්... අන් කවරෙකුත් නොව මහාචාර්ය සුනිල් ආරියරත්න ...පද ඇමිනුමට ස්වර අමුණා හැඩ කර ගයන මහා ගාන්ධර්වයා වික්ටර් රත්නායකයන්..

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්...
අද නොපැමිණ අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්
ටික කලකින් ඈ මුණ ගැසේවි හසගනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින්
මුමුණ මුමුණ ඇවිද යම් කෙසේ
තනනිල්ලේ ගොහොරු සැදේ
කතා නැතුව අනන්තයට ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා..
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වලා බඳේ කඩඉමෙන් මෙහා..

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී  පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක

ගීතය විදින්නට අවසරයි...

ගීය විචාරය කිරීම පසෙක ලා ඌන පූර්ණයක් විතරක් තියලා නැවතුනේ ඒ ගීයේ ලස්සන ඔයාලගේම දෙසවනින් විදලා ඔයාලගේ සිතින්ම හිතලා..ඔයාලගෙත් ආදරණීය අත් දැකීම් සමගින් ගලපලා අපූර්ව වින්දනයක් ලබන්න ඕන නිසයි....

සටහන:
මේ  සටහන මා විසින් මගේ ෆේස් බුක් පිටුවේ පහු ගිය කාලයක සටහන් කර තැබූවකි. ඒ අපේ ගමට පායන කාලයක් නිමා කරමින් වැසි වැටුණු මොහොතකය. එහෙත් බ්ලොග් කියවන මගේම ආදරණීය මිතුරන් වෙනුවෙන් සටහන් කර තබන්නට මගේ සිත මෙහයවීය...ඒ පහුගිය කාලය පුරාවට අනුරාධපුර,පොලොන්නරුව, අම්පාර ආදී ප්‍රදේශ ගණනාවක් පුරාවට පැතිරුණ නියගය නිමා කල සීතල වැහිබිඳු වෙනුවෙන්..

No comments:

ලියන්න හිතෙන දේ..