පත්තිරු

Saturday, August 23, 2014

සමනලයා සහ මල

හුග කාලෙකින් අයෙම බ්ලොග් එක පැත්තට ගෑටුවේඔය මක්ක හරි කොටලා යන්න හිතාගෙන...

ප්‍රධාන නගරයෙන්ඈතට වෙන්න පිහිටි පිටිසර ග්‍රාමීය ප්‍රදේශයක ලස්සන පොඩි කදු ගැටයක පුංචි දොලපාරක් අසල ලග ලග හැදුන පොඩි ගොඩනැගිලි කීපයක් එක්ක තිබුණු පුංචි සිංහල මිශ්‍ර පාසලක්... පොඩි කාලේ ඉදලම එකට වැලි සෙල්ලම් බත් උයපු , දුව පැන නටපු, අපූරු පුංචි යාළුවො ටික දැන් දැන් තාරුණ්‍යයේ දොරකොඩ.... සාම ලා අමර ලා තාම පොත්වල ....කාලය මැව් වෙනසක අරුමේ... මේ යාලුවෝ අතර හිටිය ලස්සන හුරතල් පුංචි ගෑනු ළමයා තමා අමා.... කාලයත් එක්ක ලස්සන වෙලා හැඩ වෙලා ප්‍රේම කුරුල්ලෝ ඉඟි බිගි කරන ආදරණීය කාලේ එළැඹිලා.... මේ යාලුවන්ගේ අතර හිටපු මාලන් දැන් ලස්සන හැඩකාර තරුණයෙක්... මාලන් , අමාගේ ලස්සන ගැන හුගක් ආදරෙන් ආසවෙන් ආඩම්බරෙන් හිටියේ කවදාක හරි අමා එයාගෙම කරගන්න... මේ අහිංසක කොලු ගැටයා එයාගේ හොදම යාළුවා වුනු අමාට එයාගේ ආදරේ කියාගන්න බැරිව දින සති ගණන් ගෙවෙනවා... මාලන් අමා ගැන කොච්චර උනන්දු වුනත් අමාට ගානක් වත් නෑ මාලන් ගැන..ඒත් මාලන් හුගක් බලාපොරොත්තුවෙන්... කොහොමින් කොහොම හරි අමා මාලන්ගෙන් ඈතට යනවා... මාලන් බොහොම දුකෙන්... අමා මාලන් ගැන හිතන්නෙවත් නෑ... එයාගේ හිතේ වෙන ලස්සන කඩවසම් තරුණයෙක්.. පුංචි අමාගේ හිත හොරාගෙන.... ඒ මලික්.. මලික් ටිකක් ආඩම්බරකාර එක විදියක තරුණයෙක්... හරියට සමනලයෙක් වගේ .. හැම මලකම රොන් බොනවා... ඒ කිසිත් නොදන්නා අමා මලික් පස්සෙමයි... අමා ගෙයි මලික් ගෙයි ආදර කතාව දිහා මාලන් දුකෙන් බලන් ඉන්නවා... ඉතින් ටික දවසකින් මලික් අමාව දාලා යන්න යනවා...යන්නම යනවා... ඒ හරියට සමනලයෙක් එක මලක පැණි බීලා වෙන මලකට යනවා වගේ... අමාට මුකුත් කරගන්න දෙයක් නෑ... එයාට පාර වැරදුන බව තේරුනේ එතකොට... ඒත් ඒ මොහෙතේදීත් මේ පරවුණ මල ළහ මාලන් ඉන්නවා... එයාගේ හිත හදනවා... එතරම්ම අවංක පිවිතුරු ආදරයක් අමා වෙනුවෙන් මාලන්ගේ...
ඒ අවංකත්වය අමාට දැන් තමා දැනෙන්නේ... එයා මාලන් ට දීපු දුක් මතක වෙනවා..තව හය්යෙන් අඩනවා.... ඒ ඔක්කොම කදුළු දරාගෙන එයාව අස්වසන්නේ මාලන්...
මාලන් හරියට පොඩි ළමයෙක් වගේ... අමා ලස්සන පුංචි මලක් වගේ...මලික් සමනලයෙක් වගේ..
ප්‍රේමකීර්ති ද අල්විස් පද රචනය කරපු සරත් ද අල්විස් පද රචනය කරපු එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ලයාන්විත හඬ මුසුවෙන් ජීවිතයේ අරුමය කියාදෙන මේ ගීය "සමනළයා මල හා ළමයා සේ..."

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා

සමනළයා මල හා ළමයා සේ...

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ

ජීවිතයේ අරුමේ ////

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ආයේ  මම අමුතුවෙන් ගීය විචාරය කරන්න ඕනේ නෑ නේ..... ලස්සන තේරුමක් හැංගිලා තියෙන සුන්දර ගීතයක්... ගීතය නරබන්න පහතින්...

1 comment:

  1. ගින්දර සහ පුළුන්.... මරු අදහස් ටික...

    ReplyDelete