පත්තිරු

Showing posts with label විරහව. Show all posts

Saturday, August 23, 2014

සමනලයා සහ මල

හුග කාලෙකින් අයෙම බ්ලොග් එක පැත්තට ගෑටුවේඔය මක්ක හරි කොටලා යන්න හිතාගෙන...

ප්‍රධාන නගරයෙන්ඈතට වෙන්න පිහිටි පිටිසර ග්‍රාමීය ප්‍රදේශයක ලස්සන පොඩි කදු ගැටයක පුංචි දොලපාරක් අසල ලග ලග හැදුන පොඩි ගොඩනැගිලි කීපයක් එක්ක තිබුණු පුංචි සිංහල මිශ්‍ර පාසලක්... පොඩි කාලේ ඉදලම එකට වැලි සෙල්ලම් බත් උයපු , දුව පැන නටපු, අපූරු පුංචි යාළුවො ටික දැන් දැන් තාරුණ්‍යයේ දොරකොඩ.... සාම ලා අමර ලා තාම පොත්වල ....කාලය මැව් වෙනසක අරුමේ... මේ යාලුවෝ අතර හිටිය ලස්සන හුරතල් පුංචි ගෑනු ළමයා තමා අමා.... කාලයත් එක්ක ලස්සන වෙලා හැඩ වෙලා ප්‍රේම කුරුල්ලෝ ඉඟි බිගි කරන ආදරණීය කාලේ එළැඹිලා.... මේ යාලුවන්ගේ අතර හිටපු මාලන් දැන් ලස්සන හැඩකාර තරුණයෙක්... මාලන් , අමාගේ ලස්සන ගැන හුගක් ආදරෙන් ආසවෙන් ආඩම්බරෙන් හිටියේ කවදාක හරි අමා එයාගෙම කරගන්න... මේ අහිංසක කොලු ගැටයා එයාගේ හොදම යාළුවා වුනු අමාට එයාගේ ආදරේ කියාගන්න බැරිව දින සති ගණන් ගෙවෙනවා... මාලන් අමා ගැන කොච්චර උනන්දු වුනත් අමාට ගානක් වත් නෑ මාලන් ගැන..ඒත් මාලන් හුගක් බලාපොරොත්තුවෙන්... කොහොමින් කොහොම හරි අමා මාලන්ගෙන් ඈතට යනවා... මාලන් බොහොම දුකෙන්... අමා මාලන් ගැන හිතන්නෙවත් නෑ... එයාගේ හිතේ වෙන ලස්සන කඩවසම් තරුණයෙක්.. පුංචි අමාගේ හිත හොරාගෙන.... ඒ මලික්.. මලික් ටිකක් ආඩම්බරකාර එක විදියක තරුණයෙක්... හරියට සමනලයෙක් වගේ .. හැම මලකම රොන් බොනවා... ඒ කිසිත් නොදන්නා අමා මලික් පස්සෙමයි... අමා ගෙයි මලික් ගෙයි ආදර කතාව දිහා මාලන් දුකෙන් බලන් ඉන්නවා... ඉතින් ටික දවසකින් මලික් අමාව දාලා යන්න යනවා...යන්නම යනවා... ඒ හරියට සමනලයෙක් එක මලක පැණි බීලා වෙන මලකට යනවා වගේ... අමාට මුකුත් කරගන්න දෙයක් නෑ... එයාට පාර වැරදුන බව තේරුනේ එතකොට... ඒත් ඒ මොහෙතේදීත් මේ පරවුණ මල ළහ මාලන් ඉන්නවා... එයාගේ හිත හදනවා... එතරම්ම අවංක පිවිතුරු ආදරයක් අමා වෙනුවෙන් මාලන්ගේ...
ඒ අවංකත්වය අමාට දැන් තමා දැනෙන්නේ... එයා මාලන් ට දීපු දුක් මතක වෙනවා..තව හය්යෙන් අඩනවා.... ඒ ඔක්කොම කදුළු දරාගෙන එයාව අස්වසන්නේ මාලන්...
මාලන් හරියට පොඩි ළමයෙක් වගේ... අමා ලස්සන පුංචි මලක් වගේ...මලික් සමනලයෙක් වගේ..
ප්‍රේමකීර්ති ද අල්විස් පද රචනය කරපු සරත් ද අල්විස් පද රචනය කරපු එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ලයාන්විත හඬ මුසුවෙන් ජීවිතයේ අරුමය කියාදෙන මේ ගීය "සමනළයා මල හා ළමයා සේ..."

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා

සමනළයා මල හා ළමයා සේ...

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ

ජීවිතයේ අරුමේ ////

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

ආයේ  මම අමුතුවෙන් ගීය විචාරය කරන්න ඕනේ නෑ නේ..... ලස්සන තේරුමක් හැංගිලා තියෙන සුන්දර ගීතයක්... ගීතය නරබන්න පහතින්...

Sunday, July 29, 2012

මොර සුරන මහා වරුසාවේ

මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

මේ  ගීතය පද රචනය , සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා... ගීතය ගායනා කරන්නේ නම් අල්හාජ් මොහිදීන් බෙග් මහතා .පද රචනය හා සංගීතය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් සදහන් කරන්න. මටත් මේ ගීතය මුලින්ම අසන්න ලැබුනේ බස් එකේ කොළඹ සිට අනුරාධපුරය බලා යන අවස්ථාවක අතරමගදී ගොඩවුන, ගීත කීපයක් ගායනා කරලා ජීවිතය ගැටගහගන්න අහිංසක, දුප්පත්, ජංගම ගයකයකුගෙන්. මම මේ ගීය මගේ ජංගම දුරකතනයේ රෙකොර්ඩ් කරගෙන ටිකක් මහන්සි වෙලා mp3 එක හොයාගත්තා. මීට අවුරුද්දකට දෙකකට විතර කලින් සොයාගත් ගීයක් නිසා හොයා ගත්තේ කොහෙන්ද කියල නම මට මතක නෑ...

මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
මොර සුරන මහා වරුසාවේ 
එක දවසක ඇය හා ආවේ
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ
රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ  එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි . ඇත්තටම මේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ  රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න  ක්‍රම ගොඩයි..

තරු පායන මල්පෙති පවනේ 
ගග ඇයි මේ ඈතට ඇදුනේ
හද පාන වැදී උණ පදුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවා. මෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...

මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.

සුදු මල්පෙති පරදන මුහුණේ
මුතු කදුලැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාලුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දු මුදුවේ 
රන් කාන්තිය නෑ අද ලදුනී
සද රාණියේ නුඹ නාඩන් 
ඇය නෑ දැන් මේ ගම්මානේ

මෙච්චර  ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...

මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..

විදුලිය වැන්නේ

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ
දුක විමසන්නේ ඉදහිට සැර වැර වන්නේ 
ඔවා දෙවන්නේ කන බොන දේ පවසන්නේ
හොරෙන් බලන්නේ මා හා පෙමින් බැදෙන්නේ
 කතා  කියන්නේ තනිවම සිහින මවන්නේ

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ

සුදෙන්  දිලෙන්නේ මා මන පුබුදා ලන්නේ
රැජිණිය වැන්නේ රෝහල වටා සරන්නේ 
පොතේ ලියන්නේ මගේ නම ගම විමසන්නේ 
කලමැන ගන්නේ මා හැර පිටුපා යන්නේ

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ 

මා පෙර ලිපියෙන් ඉදිරිපත් කල ගීතය වැනිම ඊට පෙර කාලයේ සනත් නන්දසිරි මහතා විසින් ගායනය කල මේ ගීය රසිකයන් අතර එකල ජනප්‍රිය වුවද වර්තමානයේ බොහෝදෙනෙක් අසා නොමැති වග නම් සහතිකයි... අසා තිබුනත්මෙය කුමන කරුණක් අරබයා රචනය වූවක්දැයි දන්නා අය අල්පය...

සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
ඔමරි  කරන්නේ ඇදවට කැරකී යන්නේ 
විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ 
බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ
රෝහලකට බෙහෙත් ගැනීමට පැමිණ සිටින තරුණ රෝගියෙකුට පෙනෙන සුන්දර දර්ශනය තමා රචකයා විසින් ප්‍රශ්නයට නගන්නේ..සිනා සෙමින් තාලයට ලැසි ගමනින් එන්නේ කවුද ?
පොඩි ඔමරි බැල්මක දාල ඇද වටේ  රවුමක් කැරකිලා ගියේ කවුද? මේ තරුණ රෝගියා මේ රූපෙන් මත්වෙලා වගේ බලා ඉන්නවා.... නර්ස් නෝනා කෙනෙක් කියන්නෙත් තරුණියක් නේ .. හැට හතරෙනුත් එකක් මේ කඩවසම් තරුණයට දැම්මද කවුද දන්නේ..
කාගේ හෝ රෝගියෙකුගේ අසරණ කෙදිරිලි හඩට ඇය දුවල යන්නේ විදුලියක් වගේ .. ඉක්මනට අර රෝගියාට බෙහෙත් දීල සනසන්න තරම් ඇය කරුණාවන්ත වුනා.. මේ සුන්දර චිත්‍රය දෙස ඔහු බලා ඉන්නේ හරිම ආසාවෙන්...අනික සියලුම හෙදියන් අතරින් අගේ විශේෂත්වයක් ඔහු දකින්නේ ඒ කරුනාවන්ත්කම, ලාලිත ගමන , සුන්දර යුවතියකට ආබරණයක් බදු ඔමරිය, ඉක්මන් ගමනින් රෝගීනට සාත්තු කිරීම..මුළු රෝහල් වාට්ටුවම සුන්දර ලෝකයක් වගේ ඔහුට පෙන්නේ..

දුක විමසන්නේ ඉදහිට සැර වැර වන්නේ 
ඔවා දෙවන්නේ කන බොන දේ පවසන්නේ
හොරෙන් බලන්නේ මා හා පෙමින් බැදෙන්නේ
කතා  කියන්නේ තනිවම සිහින මවන්නේ

ලෙඩුන්  ගාවටඇවිත් ඇය ලෙඩදුක් විමසනවා ඒ වගේම ඔවුන්ගේ පවුලේ තොරතුරු පවා විමසමින් ලෙඩුන් හා සමීප වන්නේ හරියට අම්ම කෙනෙක් තම දරුවනට ලෙඩ වුනාම සාත්තු කරනවා වගේ.. ඔවදන් දෙනවා . මෙහෙම පරිස්සම් වෙන්න වෙන්න ඕන.නැත්තම ඉකමනට සුව කරගන්න බෑ..මේවා අහන්නේ නැති අයට ඇය හිටපුගමන් සැරෙනුත්  කියනවා...එහෙම නැතුව බෑ .. මේ සමහර ලෙඩ්ඩු හරි මුරන්ඩුයි නේ...මේවා කන්න .මේ මේ ජාති කන්න එපා.. මං කියන විදියට ඉන්න ..ඔයාට ඕන නැද්ද ඉක්මනට සුව වෙන්න..
මේ බෙහෙත් හේත් කරන ගමන් මා හා හොරෙනුත් බලනවා.. පුංචි පුංචි ඉගි බිගි පානවා..
මෙහෙම මේ ඔක්කොම අතරේ මේ කඩවසම් තරුණයත් එක්කල යාලු වෙලා.. දැන් මේ දෙන්න පෙම්වතුන් වෙලා... ඔහුත් එක්කල කතා කර කර ඉන්නවා... ඔහුට පේනවා ඇය සිහින මවන අයුරු.. රෝහල් වාටුවේ ඇගේ පුටුවලග වාඩිවෙලා තනිවම සිහින මවනවා.. ඔහු ඇදට වෙලා බලා ඉන්නවා..දෙන්නම සුන්දර ලෝකවල...
සුදෙන්  දිලෙන්නේ මා මන පුබුදා ලන්නේ
රැජිණිය වැන්නේ රෝහල වටා සරන්නේ 
පොතේ ලියන්නේ මගේ නම ගම විමසන්නේ 
කලමැන ගන්නේ මා හැර පිටුපා යන්නේ

 සුදුම සුදු කිරි කොකෙක් වගේ.... මං ආසම පාට මට හරිම සතුටුයි...
මේ  තරුණයාගේ සතුට දොරේ ගලනවා...ඔහුට ඇය පෙන්නේ රෝහලේ රැජිණිය ඇය වගේ ... මේ රෝහල ඇගේ වගේ ඔහුට පෙන්නේ.. මේ රෝහලේ හැම තැනම ඇය ඉන්නවා වගේ ... මං මේ වාට්ටුවට අපු වෙලාවේ ඇය මගේ නම අහල එක පොතේ ලිවුවා..මොන ලෙඩේට බෙහෙත් දෙන්නත් ඉතින් නාඩි බලන්න ඕනනේ .. මේ ඇගේ රාජකාරි මේ රචකය දකින අයුරු ඉතාම ලස්ස්සනයි
වාට්ටුවට එන රෝගීන්ගේ නම ගම වයස විස්තර අර ලොකු පොතේ සටහන් කරනවා...
රෝගියාගේ නාඩි බලනවා...ඒවා සටහන් කරනවා... ඇයට ඕක විතරක් කර කර ඉන්න බෑ තව වැඩ තියෙනවා හුගක්..රෝගියෙකුගේ කෙදිරිලි හඩක්  ඇය විදුලියක් වගේ එතනට යනවා ... රෝගියව සුපත් කරනවා ... තවත් රෝගියෙක් ලගට යනවා බෙගේත් දෙනවා ඔඅවදන් දෙනවා දොස්ත්රමහත්තය නියපුකරපු කෑම ගැන රෝගියාට කියනවා.. රෝගියාගේ පණ්ඩිත කතාවලට පොඩි සැරයක් එහෙම දානවා...අයිම උදෙන්ම එනවා සුදට සුදේ හරිම ලස්සනයි පිරිසිදුයි ... මේ සියල්ල රචකයා මැනවින් දකිනවා .. හෙදියක් වුනාම පිරිසිදුව ලස්සනට ඉන්න ඕන .. ඔහු මේ ඔක්කොම මේ ගීයෙන් හරිම අපූරුවට ඉදිරිපත් කරනවා.....

ඉතාම සුන්දර ලස්සනම ගීයක්... ගීය රසවිදීමට මේ සබැදියට පිවිසෙන්න
මාගේ පෙර ඉදිරිපත් කල හෙදියකගේ ගීත විචාරය රස විදීමට... 

බයිලා සංගීතයන්  නර්ස් නෝනා ගැන අසන්න.. සමන් ද සිල්වා ගායනා කරන    නෝනා මගේ නර්ස් නෝනා ඔබව සිහි වෙනවා නිතර දෙවේලේ ......

එකම තේමාව ඔස්සේ ගැයෙන ලස්සන ගීත තුනක්...

ඔබ ලග නැතිදා...

රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ 
රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ

සමීප සයනේ සාදා තෙපුල් මැද දැවි සිත සුවපත් වේ 

තනිකම දැවටී දෑසේ දැලින් උණු කදුලැලි වෑහේ

ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ 
ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ 
එපා කිසිත් වෙන දෑස පතන රුව බෙහෙතක් වැන්නේ..

කරුණාරත්න  දිවුල්ගනේ ගයකයානන් විසින් ගායන කරන මෙම ගීය ඉතාම සංවේදී ගීතයක් වන බව මගේ හැගීමයි. මහින්ද දිසානායක විසින් රචිත මෙම ගීය සදහා මියුරු සත්සර මුසුකොට ඇත්තේ උපාලි ජයලත් විසිනි. ගීතයේ පද සංකලනයන්ට හා දිවුලගනේ මහතාගේ හැගුම්බර හඩට උචිත වන ආකාරයෙන් සංගීතය මුසුකොට ඇත.
රජයේ රෝහලකට ඇතුලත් වන තරුණයෙක් රෝහල් වාට්ටුවේ ඇදක වැතිරී සිටින මොහතක ඔහුගේ ඇස ගැටෙන සුන්දර යුවතියක් ගැන පහල වන ලස්සන ප්‍රේමනීය අදහස් පෙළක් මේ ගීය හැඩකර ඇත.
රෝහලක සිටින සුන්දර යුවතිය අන් කවරකුත් නොව සුදු නිල ඇදුමින් සැරසී ලස්සන පළදනාවක් හිස පැළද සිටින ඇය හෙදියක්. නර්ස් නෝනා කෙනෙක්.
රෝහල්වල සේවය කරන හෙදියන්ටනම් මෙය නුහුරු අත්දැකීමක් නොවනු ඇති..

මේ තරුණයා ප්‍රශ්න කරන්නේ අසනීප  වෙලා ඉන්න මගේ ලෙඩ බලන්න ඇයි එන්නේ නැත්තේ..
මට බොහොම අසනීපයි. ලංකාවේ  රජයේ රෝහල්වල නම් මේක සාමාන්‍ය දෙයක්.මේ රචකයා එම සමාජ අඩුපාඩුවද තම නිර්මාණයෙන් විග්‍රහ කරන අයුරු හරිම අපූරුයි..
රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
මේ හෙදියගැන ප්‍රේමයෙන් ඉන්න තරුණයට සිතෙන්නේ ඇය ලග නැත්තම් කොහොමද මගේ ලෙඩ සුව වෙන්නේ. මගේ ශරීරයේ වෙහෙස නිවෙන්නේ .. මගේ ගතට සිතට සහනයක් එන්නේ .. ඔයාට මේවා තේරෙන්නේ නැද්ද? ඇයි මගේ දිහා බලන්නේ නැත්තේ .. මම අසනීප වෙලා ඉන්නේ .. මේ තරුණය පොඩි තරහකින් තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා... රචකයා ඉතාම රසවත් අයුරින් පද පෙලගස්වලා තියෙනවා..

ලගට ඇවිල්ල ලෙඩ විමසන්නකෝ. එතකොට මගේ මේ අසනීප ඔක්කොම නැතිවෙලා යාවි .සුවපත් වේවි. හෙදිය ඇවිත් ලෙඩ විමසනකොට , බෙහෙත් දෙනකොට , වචනයක් දෙකක් කතාකරනකොට  මේ තරුණයට දැනෙන්නේ ඇද ලගට ඇය ඇවිත් සතුටු සාමිචියේ යෙදෙනවා වගේ.... ඔයා මගේ ඇද ලගට ආවත් ඇති මගේ මේ පිච්චි පිච්චි තියෙන අසරණ හිත සුවපත් වේවි...

ඔයා ඈත ඉන්න එපා .. මට හුගක් දුකයි .. මට පේන්නවත් ඉන්න. මට දැන් හරිම පාලුයි.තනියි. බලන්න කෙල්ලේ මගේ ඇස දෙකෙන් කදුළු ගල හැටි.. ඔයාට පෙන්නේ නැද්ද.. මට මහා තනිකමක් දැනෙනවා.. මට එක දරාගන්න බෑ... මගේ ඇස්දෙකෙන් කදුළු ගලනවා... මෙච්චර කදුළු හලන්නේ ඔයා ලගකවත් නැති නිසා....

දොස්තර  මහත්තයාගේ බෙහෙත්වලින් මට වැඩක් නෑ එයා කොච්චර සාත්තු කලත්, බෙහෙත් දුන්නත් මට වැඩක් නෑ... මගේ ලෙඩ සුවපත් කරන්න එයාට බෑ.. සුව වෙන්නෙත් නෑ.. සුව වෙනවා තිය සුවයක් පලාතකවත් නෑ..මගේ මේ පිච්චුනු හිත සුව කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඇයි දෙය්යනේ කාටවත් මේවා තේරෙන්නේ නැත්තේ...
ජීවක දෑතේ පහස ලැබූවත් සුව නෑ ලං වන්නේ

වෙන  කිසිම බෙහෙතක් මට එපා..මගේ ඇස දෙක ඉල්ලන්නේ ඔයා.. මගේ ඇස දෙකට ඔයාගේ රූපය දැක්කත් ඇති.මගේ ඔක්කොම ලෙඩ සුවපත් වෙනවා..මට ඕන එකම බෙහෙත ඔයාගේ රූපය විතරයි.. මම හොයන දිවය අවුෂදය ඔයාගේ රූපය, ඔයාව. මේ ලෝකේ මට වෙන මොනවත් තිබුනත් වැඩක් නෑ නර්ස් නෝනේ..මට ඔයාවයි ඕන... මගේ ආත්මය සුවපත් කරන්න පුළුවන් ඔයාම විතරයි...

 මේ ලෝකේ මිනිස්සු කොච්චර ආදරේ හොයනවද ? ලස්සන ආදරයකට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්.. ලස්සන ඇස දෙකකට පිරිමියෙක් ලෙඩ කරන්නත් ලෙඩ සුවකරන්නත් පුළුවන්... 