ඔන්න ආයිම ආව බ්ලොග් ඒක පැත්තට... අපේ අය බලනවා ඇති මොකක්ද මේ අද කියන්න යන හරුපේ කියල...හොරාට ගස් කපන හැටිද?අප්පටසිරි කිවුවලු..(නෙවෙයි, ඇපල්සිරි කිවුවලු) පොලෝසි ගානේ බඩ ගැන කේස් එකක් වගේ....
අනේ නෑ...මම ඔයාලට ඒ වගේ නීති විරෝධී වැඩ ඔයාලට කියාලා දෙන්නේ නෑ...
ඔය අපේ පරණ උදවිය එහෙම ඔය කතාව කියනවා ඔයාලට ඇහිලා ඇති...ඕක කළුවරට ඉරුව නම් ඔහොම ගුල්ලෝ ගහන්නේ නෑ...එක්කෝ මඩේ වත් දාල ගන්න තිබුන නේ...
ඔය කතන්දර ඇහෙන්නේ ලී ගැන එහෙම කතා වෙනකොට...ගෙයක වහලෙට ලී ඕන වුනාම අපි ඉතින් ලී මඩුවට ගිහින් ගේනවා ඇරෙන්න ඉරපු හැටි අහනවයි නේද?
ඔය වාස්තු විද්‍යාව ගැන දන්නා අය නම් ඔය කතන්දර ගැන හොදට දන්නවා...
අපිත් බලමු මේ කතන්දරේ විද්‍යාත්මක පැත්ත...අපිට ඉතින් හැම මගුලටම විද්‍යාව නේ..
ගැමි වහරේ තියෙන්නේ ගහක කපනවනම් හඳ පායපු කාලෙට කපන්න හොද නෑලු.මේ වගේ වෙසක් හරි ඕනෑම පාලොස්වක කාලෙකට.හොදට කරුවල බලල තම කපන්න ඕන.ඒ කියන්නේ අමාවකට...නැත්තං ගුල්ලෝ ගහනවා, ඉක්මනට දිරනවා...
ඇයි මේ....
මෙහෙම වෙන්නේ හඳේ බලපෑම නිසයි... පාලොස්වක කාලේ කියන්නේ හොදට හඳ පායන කාලේ නේ.. හැදෙ ආකර්ශන ශක්තිය පොළොවට වැටෙනවා...මේ ආකර්ෂණය නිසා අහල තියනවනේ වායුගෝලයේ පීඩනය වෙනස් වෙලා වඩදිය බාදිය ඇතිවෙනවා කියල... ඔන්න ඔය කතන්දරේ ගස් වලටත් බලපානවා... මේ නිසා ගහේ මුල් දිගේ ආහාර, ජලය ගහට හොදට ඇදල ගන්නවා..ඒවා ගහේ තැම්පත් වෙනවා...එකට තම එලය කියන්නේ... මේ කාලෙට ගහේ තියෙන ආහාර, ජලය වෙන කාලවලට වැඩ හුගක් වැඩි.. ඉතින් මේ කාලෙට ගස් කැපුවම ඒවායේ තියෙන ආහාර කන්න ගුල්ලෝ වගේ සත්තු එනවා..උන් විදගෙන ඇතුලට යනවා...කාලයක් යනකොට ඒ ඉරපු ගැහෙන වැඩක් නෑ...ඔක්කොම දිරල..ගුල්ලෝ ගහල.. කළුවර කාලෙට එහෙම නෑ...
ඉතින් මේ හඳ තියෙන කාලෙට ඉරන ගස් මඩේ දාල තැම්බෙන්න ඉඩ හරිනවා..එතකොට අර ආහාර කොටස් පල් වෙලා යනවා...ඒවා කන්න සත්තු එන්නේ නෑ...
ඔන්න ඕක තම කතන්දරේ කළුවරට ගස් ඉරන....
දැන්නම් ඉතින් මොනාද ..මට මතක් වෙන්නේ අර ආච්චි කෙනෙක් කියපු කතන්දරේ...
අනේ දන්නේනෑ රාලහාමි ,ඊයේ රෑ ඇහුනා ගහ වටේ මෝටර් සයිකලයක් යනවා..හැබයි මහත්තයෝ දෙපාරයි ගියේ... ජරබරාස් ගාල සද්දයක් ආව... මම හිතුවේ පදපු එකා වැටෙන්න ඇති කියල... බැලින්නම් උදේ නේ දැක්කේ මේ මහා ගහ බිම නේ... දෙයියනේ...අපරාදයක මහත...
එහෙනම් ඕං මං ගොහින් එන්නම්...
ලස්සන ලිපියක් ඈ....!
ReplyDeletethanks...
DeleteThis comment has been removed by the author.
ReplyDeletemokada babo makal damme
Delete