අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
සූසැට ශිල්පයකු ගෙනා පාරගතව ගියෙනා..
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා...
මා ගත දා බිදු හදුනා හදේ සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා.
සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන්යම සුවද උලා උදෑසනින් වැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා...
ලස්සන ගීතයක් නේද?.. ඔබ බොහෝ දෙනෙක් මේ ගීතය අසා ඇතුවාට සැක නැහැ. ලංකාවේ ඉතාම ජනප්‍රිය ගීතයක්.. කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ සුමදුර හඬින් ගැයෙන මේ ගීයේ පදපෙල අපිට ටිකක් නුපුරුදුයි වගේ නේද? බොහෝ දෙනාට අර්ථය වටහා ගන්නත් අමාරුයි.. ලස්සන අරුතක් තියෙන මේ ගීයෙන් කියවෙන්නේ මොකක්ද කියල අපි සොයා බලමු..
අජානීය කියන්නේ ලෝකේ (තුරඟ තරඟ වල) වේගයෙන්ම දුවන අශ්වයින් ජාතියක්...ස්කූටර් කිවුවම දන්නවනේ මෝටර් සයිකල් කියල... දැන් තියන ඒවාට තියෙන්නේ ගුවන් යානා තාක්ෂනයනේ...ඒවගේ ප්‍රථිපල රෝහල් වාට්ටුවකට ගියාම බලාගන්න පුළුවන්..
අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
ඉතාම වේගයෙන්,පවනට බදු වේගයෙන් යන සුපිරි පන්තියේ යතුරු පැදියක නැගී කුමාරියේ කොහෙද මේ යන්නේ..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
තමන්ගේ පෙමවතාවබදාගෙන ඔහුගේ උරහිසට උඩින් ඉස්සී නගරයේ සිරි අසිරි බලමින් උජාරුවට යන අපූරුව දැක්කම මට හිතුනේ උබේ ඔය ආඩම්බර කිරුල කඩාගෙන වැටෙයිද කියල..අර අහල තියනවනේ ගීයක පදපෙලක් මෙහෙම "උස අත්තක මලක් උනේ ගවු ගණනක් උඩින් ඉන්න අන්තිමේදී උරුම උනේ මල පොකුරක එකක් වෙන්න.."
මේ කතාවට පාදක වෙන චරිතය මේ සිද්දියේ දුර හුගක් දකින නිසයි ඔහුට මෙහෙම හිතෙන්නේ..ඇරත් වර්තමාන කාලේ මේ වගේ සිද්ධි සමාජයේ අරුමයක් නෙවෙයි...
මේ චරිතය කොච්චර උගත් වුවත් ශිල්ප 64 ම දැනගත්තත් ඒවා ඔක්කොම නැතිව ගිහින් දයිවයේ සරදමකට තමා මේ පාරේ වැඩකරන්න සිද්ද වෙන්නේ..මේ සිද්දිය දකිද්දී එයාට මතක් වෙන්නේ තමන්ගේ පෙමවතිය..තමන් මේ විදින දුක ගැහැට හරියට තේරුම් ගනිපු ඇය තමන්ගේ දාඩිය සුවදට ඇලුම් කරනවා.. උදේ ඉදන් රෑ වෙනකන ගිනි අවුවත් එක්ක ජීවන ගඟ එතෙර වෙන්න ඔට්ටු වෙන ඔහුගේ ශරීයෙන් ගලන දා බිදු පිසලන පුංචි ලේන්සු පටේ තියෙන ජීවන සුවදට ඇය හුගක් ඇළුම් කරනවා...ඇය ඒ ලේන්සුව සිඹිනවා.. එතරම්ම ආදරයක්..
උදුම්බරා මලක් පිපෙන්නේ හුගාක් කාලෙකට සැරයක්ලු .. පරම පූජනීය ආදරයේ සංකේතයක් බඳුයි... සදාකල්ම ආදරෙන් බැදුණු පෙම් යුවලගේ ආදරයේ සංකේතය මේ හුගාක් දුර්ලබ උදුම්බරා මල වගේ...
දන්කාලේ තියෙන ආදර කොහේ හරි කුලී කාමරයක රෑ එළිවෙනකොට ඉවර වෙන කාමයෙන් මත් වුන ආදරයක්...ඉතින් මේ පාරේ වැඩකරන අවස්ථාවේදී දකින මේ චිත්‍රයත් එක්ක ඔහුගේ මනසේ මේ කතන්දර පෙළ එකින ඒක මැවෙනවා...ජේත්තුකාර කොල්ලෙක් සුපිරි සයිකලයක කෙල්ලෙක්ව තියාගෙන කොහේ හෝ කුලී කාමරයක් සොයා යනවාදැයි ඔහුට සිතුන නිසා වෙන්න ඇති මේ පද පෙළ ඔහුගේ සිහියට ආවේ.."විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා.."
ඉතින් මේ රෑ එළිවෙනකොට කොච්චර ප්‍රේම වියැකිලා ගියත් දෙයියනේ කියල උදුම්බර මල පිපෙන්න..ඇයි ඒ? අපි වගේ දුප්පත් අවංක අව්‍යාජ පෙම්වතුනුත් ඉන්නවා... ඔවුන් වෙනුවෙන් පිපෙන්න..
වර්තමාන ආදරේ උදේට පරවෙලා යනවා කියල නොපිපි අරින්න එපා...හැමදාටම පිපෙන්න..."කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..."
.
No comments:
ලියන්න හිතෙන දේ..